2025 වසර සඳහා Waters Edge ආයතනයේ ආර්ථික කාර්ය සාධනය පිළිබඳව නිල ප්‍රකාශයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. 2025 වසර, Waters Edge ඉතිහාසයේ වඩාත් ශක්තිමත් හා සාර්ථක වසරක් ලෙස සනිටුහන් වන අතර, ආයතනයේ දීර්ඝකාලීන දැක්ම, නිවැරදි කළමනාකරණ තීරණ සහ කණ්ඩායම් එකමුතුවේ ප්‍රතිඵලයක් ලෙස එම සාර්ථකත්වය ලබා ගෙන ඇති බවයි එහි සභාපති චතුර ක්‍රිශාන්ත පෙරේරා එහිදී ප්‍රකාශ කර ඇත්තේ.
2025 මැයි සිට නොවැම්බර් කාලය තුල කැපීපෙනෙන ලාභවර්ධනයක්.
2025 මැයි සිට නොවැම්බර් දක්වා කාලය තුළ, Waters Edge ආයතනය 2024 වසරේ එම කාල පරිච්ඡේදයට සාපේක්ෂව ලාභදායකත්වයේ ස්ථාවර සහ දෘඩාංග වර්ධනයක් අත්කරගෙන තිබෙනවා. මෙම මාසික කාර්ය සාධනය, ව්‍යාපාරික සැලසුම් නිසි ලෙස ක්‍රියාත්මක වීම සහ වෙළඳපොළ අවස්ථා උපරිම ලෙස භාවිත කිරීමේ ප්‍රතිඵලයක් බවයි එම ප්‍රකාශයේ සඳහන් වන්නේ. විශේෂයෙන්ම, 2025 ජූනි සිට නොවැම්බර් දක්වා කාලය තුළ ලාභදායකත්වය 2024 වසරේ එම කාල සීමාවට සාපේක්ෂව 264% කින් ඉහළ යාම, Waters Edge ආයතනයේ ආර්ථික ශක්තිය සහ පරිපාලන කාර්යක්ෂමතාවය පිළිබිඹු වන සාධකයක් ලෙසයි පෙන්වාදෙන්නේ.
මිලියන 200 ක ලාභයක්.
2025 වසරේදී Waters Edge ආයතනය රුපියල් මිලියන 200 ක ශුද්ධ ලාභයක්ද වාර්තා කර තිබෙනවා. මෙය 2024 වසරේ ලබා ගත් රුපියල් මිලියන 99 ක ලාභයට සාපේක්ෂව 102% ක වාර්ෂික ලාභ වර්ධනයක් බවයි වාර්තාවන්නේ. මාස 11ක් ඇතුළත ලාභය දෙගුණ කිරීම, Waters Edge ආයතනයේ ඉතිහාසයේ විශේෂ සන්ධිස්ථානයක් ලෙස සටහන් වන අතර, එය ආයතනයේ අනාගත වර්ධනය සඳහා පදනම සකස් කරනු ඇති බවයි Waters Edge සභාපති චතුර ක්‍රිශාන්ත පෙරේරා සිය ප්‍රකාශය මගින් පෙන්වාදෙන්නේ.
“2025 දෙසැම්බර් මාසයේදී Waters Edge ආයතනයේ සියලුම සේවකයින්ට ලබාදුන් ප්‍රසාද දීමනා,2024වසරේදී ලබාදුන් ප්‍රසාද දීමනාවට වඩා සැලකිය යුතු ලෙස වැඩිවී තිබෙනවා. මෙය Waters Edge ආයතනය,තම සාර්ථකත්වයේ ප්‍රතිලාභ සේවකයින් සමඟ බෙදාගැනීමට කැපවී සිටින බවට පැහැදිලි සාක්ෂියක්. 2025 වසරේ මෙම ඉතිහාසගත කාර්යසාධනය, Waters Edge ආයතනයේ දැක්ම, නව්‍යත්වය සහ කණ්ඩායම් ශක්තිය පිළිබඳව විශ්වාසය තවත් ශක්තිමත් කරනවා. ඉදිරි වසරවලදීත්, ගුණාත්මක සේවාව, නව්‍ය ව්‍යාපාරික අදහස් සහ ස්ථාවර වර්ධනය තුළින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ආයතනයක් ලෙස Waters Edge තම ස්ථානය තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කරනවා”
මෙම සුවිශේෂී ආර්ථික ප්‍රගතිය පිළිබඳ සභාපති චතුර ක්‍රිෂාන්ත පෙරේරා මහතා වැඩිදුරත් එලෙස සිය අදහස් පළකළා.


ඇමති ලාල්කාන්තගේ ප්‍රකාශයට සංඝරත්නයේ දැඩි විරෝධයක්
ගිගුරුම් සහිත වැසි වැටෙන ප්‍රදේශ
ඉදිරියේ දී සහල් මිලට වෙනදේ
සොත්ති උපාලිගේ දුව රිමාන්ඩ්
ට්‍රම්ප් යළි සැරවෙයි! ඉරානය සමඟ ගනුදෙනු කරන රටවල භාණ්ඩ සඳහා ට්‍රම්ප්ගෙන් දැවැන්ත තීරු බද්දක්!
බස් – කාර් මාරක අනතුරක්! සිව්දෙනෙකුට දිවි අහිමිවෙයි!
අද උපරිම උෂ්ණත්වය කටුනායකට
තිලිණි ප්‍රියමාලිට වරෙන්තු
ආපදාවට පත්වූ ජනතාවට බන්ධනාගාර රැඳවියන්ගෙන් පරිත්‍යාගයක්
ප්‍රචාරය වන අසත්‍ය පුවතක් ගැන පාර්ලිමේන්තුවේ මහලේකම් කාර්යාලයෙන් දැනුම්දීමක්
තියුණු ආයුධයකින් පහරදීමට ආ පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මරුට
රන් හා රිදී මිලෙහි අදහාගත නොහැකි වැඩිවීමක්