සමගි ජන බලවේගයේ (SJB) පාර්ලිමේන්තු මන්ත්රී මුජිබර් රහුමාන් කොළඹ මහ නගර සභා පුරපති අපේක්ෂකයා ලෙස තරග කිරීමට බලාපොරොත්තු වන බව වාර්තා වනවා.
පසුගියදා මැද කොළඹ ආසනයේ සමඟි බල මණ්ඩල රැස්වීමේ දී මෙම තොරතුරු හෙළි කළේ,
පාර්ලිමේන්තු මන්ත්රී නලින් බණ්ඩාර විසින්.
කෙසේ වෙතත් ඒ සඳහා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීම පිළිබඳ අවසන් තීරණයක් ගෙන
නොමැති බව මුජිබර් රහුමාන් සඳහන් කරනවා.
නමුත් ලබන වසරේ මාර්තු මාසයට පෙර පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා මුජිබර් රහුමාන් නුදුරේදීම සිය මන්ත්රී ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.