නීතිපතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා නොකළ බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (22) පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ,
“සමාජ මාධ්‍ය තුළ කුමන ආකාරයේ වාර්තා පළ වුවත් නීතිපතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය තුළ කිසිදු සාකච්ඡාවක් සිදු කර නැහැ. නීතිපතිවරයා ආරක්ෂා කළ යුතු බවට සමාජ මාධ්‍ය අදහස් පළ වෙනවා.
ඔහු ඉවත් කළ යුතු බවට සමාජ මාධ්‍ය වාර්තා පළ කරනවා. නීතිපතිවරයා පමණක් නොවෙයි අධිකරණ අමාත්‍යවරයාත් ගෙදර යවන්න කියලා සමහර සමාජ මාධ්‍ය වාර්තා පළ කර තිබුණා.
මට කියන්න තියෙන්නේ මෙච්චරයි. අධිකරණ ඇමති ගැන හෝ කවුරු හරි ගැන පැමිණිලි තිබෙනවා නම් මේ රටේ නීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක වෙනවා. පැමිණිලි කරන්න පුළුවන්.
සමාජ මාධ්‍යවල පළ කරන දේවල්වලට ආණ්ඩුවේ සම්බන්ධයක් නැහැ. නීතිපතිවරයා ඉවත් කිරීම ගැන හෝ දෝෂාභියෝගයක් පිළිබඳව කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා වෙලා නැහැ.”

කාසියේ වාසිය ශ්රී ලංකාවට! විජයකාන්ත් වියස්කාන්ත්ව කණ්ඩායමට කැඳවයි!
ඉදිරියේදී එන මහ වැස්සට මුහුණ දෙන්න අගමැතිනිය දුන් විශේෂ උපදෙස
විශේෂඥ දැනුමට සරිලන පරිදි රාජ්ය සේවකයින්ට නව වැටුප් තල සැකසීමට රජයෙන් සැලසුම්
අස්වැසුම ප්රතිලාභීන්ට දැනුම්දීමක්
නාමල් රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්
යෝෂිත රාජපක්ෂත් අධිකරණයට
පාකිස්ථාන සංචාරය සඳහා ශ්රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි
ශිරන්ති රාජපක්ෂව හෘද සැත්කමකට භාජනය කර ඇති බව නීතිඥයා අධිකරණයට දන්වයි
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
පෝට්සිටි ආයෝජකයින්ගෙන් කප්පම් ගත් චීන ජාතිකයෙක් අත්අඩංගුවට
අභිමානය බේරගන්න සිංහ පැටව් අද තරග බිමට
ශිරන්තිට සහ නාමල්ට එරෙහි නඩු අද කැඳවයි