Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නවසීලන්ත කණ්ඩායමේ ප්‍රබලයෙක්ට ලෝක කුසලානය අහිමි වෙයි

4 weeks ago

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ නවසීලන්ත සංචිතයේ සිටි වේග පන්දු යවන ක්‍රීඩක ඇඩම් මිල්න්හට ආබාධයක් හේතුවෙන් තරගාවලිය අහිමි වී ඇති බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය නිල වශයෙන් නිවේදනය කර තිබේ.

ඔහුගේ වම් කලවා ආශ්‍රිත මාංශ පේශියක (Hamstring) ඇති වූ ආබාධයක් මීට හේතු වී ඇත. ලෝක කුසලානය වැනි තීරණාත්මක තරගාවලියකට පෙර සිය ප්‍රධාන වේග පන්දු යවන්නෙකු මෙලෙස සංචිතයෙන් ඉවත් වීම නවසීලන්ත කණ්ඩායමට එල්ල වූ විශාල පසුබෑමක් ලෙස සැලකේ.

ඇඩම් මිල්න් වෙනුවට උස පන්දු යවන ක්‍රීඩක කයිල් ජේමිසන් වහාම ක්‍රියාත්මක වන පරිදි ලෝක කුසලාන සංචිතයට ඇතුළත් කිරීමට නවසීලන්ත තේරීම් කමිටුව පියවර ගෙන ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *