Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රිය අනතුරක් සිදු කර පලාගිය මැදිරිගිරිය NPP ප්‍රා.ස. සභාපතිවරයාගේ රියදුරු අත්අඩංගුවට

2 weeks ago

මැදිරිගිරිය ජාතික ජන බලවේග (NPP) ප්‍රාදේශීය සභා සභාපතිවරයාට අයත් කැබ් රථයක් යතුරුපැදියක ගැටී අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් එහි රියදුරු සහ රථය මැදිරිගිරිය පොලිස් භාරයට ගෙන ඇත. අද (24) දහවල් මැදිරිගිරිය – මීගස්වැව මාර්ගයේදී මෙම අනතුර සිදුව තිබේ.

අදාළ කැබ් රථය යතුරුපැදියේ ගැටීමෙන් පසු රියදුරු රථය නොනවත්වා ධාවනය කර ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත්, දියසෙන්පුර නගරයේදී ප්‍රදේශවාසීන් එක්ව රථය වට කර නවත්වා ඇති අතර, එහිදී කෝපයට පත් පිරිස රියදුරුට පහරදීමක් ද සිදු කර ඇත. අනතුරුව රියදුරු එම ස්ථානයෙන් පලාගොස් මැදිරිගිරිය පොලීසිය වෙත භාර වී තිබේ.

මෙම අනතුරින් බරපතළ තුවාල ලබා ඇත්තේ මහතලාකොළවැව, යාය 07 ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි තිදරු පියෙකි. ඔහුගේ පාදයකට දැඩි හානි සිදුව ඇති අතර, ප්‍රදේශවාසීන් මැදිහත් වී ඔහුව වහාම මැදිරිගිරිය රෝහල වෙත ඇතුළත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මැදිරිගිරිය සහ මීගස්වැව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි. 

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *