පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයට අදාළව නිසි ක්‍රියාමාර්ග නොගෙන වගකීම් පැහැර හැරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අයට එරෙහිව වෙන් වෙන්ව පවරා ඇති නඩු නැවත ලබන මාර්තු මස 23 වන දින කැදවීමට කොළඹ මහාධිකරණය අද (26) නියෝග කළා.
මෙම නඩුව විභාගයට ගැනීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් මේ වන තෙක් නම් කර නොතිබීම හේතුවෙන් නඩුව නැවත කැඳවන බව මහාධිකරණ රෙජිස්ටර්වරිය නිවේදනය කළා.
2019 අප්‍රේල් මස 21 වන පාස්කු ඉරු දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව වලක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුලින් සාපරාධි ලෙස රාජකාරිය පැහැරහැර මිනි මැරීමක් සිදු කළා යයි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ වෙන් වෙන්ව අධිචෝදනා ගොනුකර තිබූ අතර පැමිණිල්ලේ සාක්ෂි මෙහෙයවීමෙන් අනතුරුව විත්තිවාචක නොකැඳවා විත්තිකරුවන් දෙදෙනා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට 2022 පෙබරවාරි මස 18 වන දින ත්‍රිපුද්ගල මහා අධිකරණය නියෝග කළේය.
නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබූ එම නඩු සම්බන්ධයෙන් විනිසුරු මඩුල්ල ලබාදුන් නියෝගය නීතියට පටහැනි බවත් ඒ අනුව එය බල රහිතකරන ලෙසට ඉල්ලා නීතිපතිවරයා විසින් එම තීන්දු අභියෝගයට ලක් කරමින් ශිෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනුකර තිබුණා.
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දී එම පෙත්සම විභාගයට ගැනීමෙන් අනතුරුව හැකි ඉක්මනින් එම නඩු නැවත කැඳවා විත්තිවාචික ලබා ගන්නා ලෙසට නියෝග කර තිබූ අතර ඒ අනුව නඩුව නැවත කැඳවන ලදි.

ත්රෛනිකායික මහනාහිමිවරුන් සත්යග්රහයේ නිරත වූ මහා සංඝරත්නයට නිකුත්කළ ලිපිය
විහාරමහාදේවී උද්යානයේ සත්යග්රහය අත්හිටුවයි
කොග්ගල දුම්රිය හරස් මාර්ගයේදී බස් රථයක් දුම්රියක ගැටීමෙන් තුවාල ලැබූ ළමුන් සංඛ්යාව 10 දක්වා ඉහළට
ශ්රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට! ලක්දනවි සමාගමට ජාත්යන්තර සම්මාන 5ක්!
ප්රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
10 හැවිරිදි දියණිය මරු තුරුළට යැවූ මාරක අනතුර
හමුදා ආරක්ෂාව යටතට පත්වෙන ඇත්තු 13 දෙනා කවුද?
අදට යෙදෙන වප් පුර පසළොස්වක පොහො දිනයෙහි සිදු වූ වැදගත් සිදුවීම්
අධ්යාපන ප්රතිසංස්කරණ කළ යුත්තේ ඇයි? අගමැති හරිනිගෙන් හේතු පැහැදිලි කිරීමක්
අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙයි
තලල්ලේදී සොයාගත් අයිස් සහ හෙරොයින් ප්රමාණය කිලෝග්රෑම් 561කට වඩා අධිකයි
රජයේ PHP වෙබ් අඩවි ගැන අමාත්යාංශයෙන් දැනුම්දීමක්