පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයට අදාළව නිසි ක්‍රියාමාර්ග නොගෙන වගකීම් පැහැර හැරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අයට එරෙහිව වෙන් වෙන්ව පවරා ඇති නඩු නැවත ලබන මාර්තු මස 23 වන දින කැදවීමට කොළඹ මහාධිකරණය අද (26) නියෝග කළා.
මෙම නඩුව විභාගයට ගැනීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් මේ වන තෙක් නම් කර නොතිබීම හේතුවෙන් නඩුව නැවත කැඳවන බව මහාධිකරණ රෙජිස්ටර්වරිය නිවේදනය කළා.
2019 අප්‍රේල් මස 21 වන පාස්කු ඉරු දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව වලක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුලින් සාපරාධි ලෙස රාජකාරිය පැහැරහැර මිනි මැරීමක් සිදු කළා යයි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ වෙන් වෙන්ව අධිචෝදනා ගොනුකර තිබූ අතර පැමිණිල්ලේ සාක්ෂි මෙහෙයවීමෙන් අනතුරුව විත්තිවාචක නොකැඳවා විත්තිකරුවන් දෙදෙනා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට 2022 පෙබරවාරි මස 18 වන දින ත්‍රිපුද්ගල මහා අධිකරණය නියෝග කළේය.
නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබූ එම නඩු සම්බන්ධයෙන් විනිසුරු මඩුල්ල ලබාදුන් නියෝගය නීතියට පටහැනි බවත් ඒ අනුව එය බල රහිතකරන ලෙසට ඉල්ලා නීතිපතිවරයා විසින් එම තීන්දු අභියෝගයට ලක් කරමින් ශිෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනුකර තිබුණා.
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දී එම පෙත්සම විභාගයට ගැනීමෙන් අනතුරුව හැකි ඉක්මනින් එම නඩු නැවත කැඳවා විත්තිවාචික ලබා ගන්නා ලෙසට නියෝග කර තිබූ අතර ඒ අනුව නඩුව නැවත කැඳවන ලදි.

සාමාන්‍ය පෙළ සමත් සිසු සිසුවියන් 300කට ඉන්දියාවෙන් ආධාර
හොර හරක් ලොරියට වෙඩි
ලිට්රෝ ගෑස් මිල පිළිබඳව දැනුම්දීමක්
කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
විමල්ට වැඩ වරදී! ඇමති නලින්දගෙන් එන්තරවාසියක්!
පූජ්‍ය කොටපිටියේ අනුනායක හිමියන්ගෙන් ආණ්ඩුවට අවවාදයක්
නීතිඥවරයෙකුට වසර 3ක සිරදඬුවම්! නීතිඥ භාවයෙන් නෙරපන්නත් නියෝග!
සුවිශේෂී මිලකට ශ්‍රී ලංකාවේ වෙළඳපොලට හඳුන්වා නවතම Browns EV රථය (ඡායාරූප)
අද දවසේ කාලගුණය
ජපාන මහ මැතිවරණයෙන් පාලක පක්ෂයට දැවැන්ත ජයක්
දසුන් ශානකගේ නම ඉදිරියේ ලියවුණු අමිහිරි වාර්තාව
ඇමති බිමල් දැඩි තීරණයක් ගැනීමට සැරසෙයි