Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

තලල්ලේදී සොයාගත් අයිස් සහ හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 561කට වඩා අධිකයි

2 minutes ago

මාතර, තලල්ල, නාඔටුන්න මුහුද සහ වෙරළ ප්‍රදේශයේදී අද (24) පෙරවරුවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකින් සොයාගත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය බර කිලෝ 561 ග්‍රෑම් 705ක් බව ආරක්ෂක අංශ පවසයි.

එහිදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 321යි ග්‍රෑම් 941ක් සහ අයිස් කිලෝ 239යි ග්‍රෑම් 764ක් තිබූ බවට තහවුරුවී ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව සිදු කළ මෙම මෙහෙයුමේදී මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන උර 10ක්, ගමන් මළු 11ක් සහ එම මත්ද්‍රව්‍ය තොගය රැගෙන ආ බවට සැකකෙරෙණ ඩිංගි යාත්‍රාවක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි. 

මෙය නාවික හමුදාව මේ වසරේදී ගොඩබිමෙන් සොයාගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය වන අතර, ඒවා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දෙහිබාලේ නමැත්තාගේ බවට පොලිසිය සැක පළ කරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *