PHP භාවිතයෙන් සංවර්ධනය කරන ලද වෙබ් අඩවි සහ වෙබ් යෙදුම්වල පවතින තීරණාත්මක ආරක්ෂක දුර්වලතා හේතුවෙන් ඩිජිටල් ආර්ථික අමාත්යාංශය සියලු රජයේ ආයතන වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.
සියලු රජයේ ප්රධානීන් වෙත විශේෂ චක්රලේඛයක් මගින් අමාත්යාංශය දැනුම්දී ඇත්තේ මේ සම්බන්ධව වහාම අවධානය යොමු කරමින් අවශ්ය පියවර ගන්නා ලෙසය.
අදාළ දැනුම්දීම මගින් අමාත්යාංශය සඳහන් කර ඇත්තේ CVE-2026-109618 සහ CVE-2026-109619 යන හැඳින්වීමේ කේත මගින් නම් කර ඇති ආරක්ෂක දුර්වලතා හේතුවෙන්, අනවසරයෙන් පද්ධති වෙත ප්රවේශ වීමේ, දත්ත සොරකම් කිරීමේ සහ ක්රියාකාරීත්වයට බාධා ඇති වීමේ දැඩි අවදානමක් පවතින බවය.
එවැනි තත්ත්වයන් යටතේ, සිදුවිය හැකි අවදානම් අවම කර ගැනීම සඳහා පහත සඳහන් පියවර වහාම ගන්නා ලෙස රජයේ ආයතනවල ප්රධානීන් වෙත දැනුම්දෙන බවද අමාත්යාංශය නිකුත් කර ඇති නිවේදනය මගින් සඳහන් වේ.
i. PHP භාවිත කරන සියලුම පද්ධති සහ වෙබ් යෙදුම් හඳුනාගෙන ඒවා ක්රියාත්මක වන සංස්කරණ තහවුරු කළ යුතු ය.
ii. මෙම ආරක්ෂක දෝෂ සඳහා නිකුත් කර ඇති මෘදුකාංග පැච් භාවිතයෙන්, නිසි ක්රියාපටිපාටිවලට අනුව පද්ධති සහ වෙබ් යෙදුම් වහාම යාවත්කාලීන කළ යුතුය. මේ සඳහා PHPහි නිල වෙබ් අඩවියේ (https://www.php.net) සපයා ඇති යාවත්කාලීන කිරීමේ උපදෙස් අනුගමනය කළ යුතුය.
iii. අසාමාන්ය ක්රියාකාරකම් නිරීක්ෂණය කිරීම සඳහා පද්ධති පිවිසුම් දත්ත (System logs) විශ්ලේෂණය කරන්න.
iv. වහාම යාවත්කාලීන කළ නොහැකි අධි අවදානම් සහිත පද්ධතිවල අන්තර්ජාල ප්රවේශය සීමා කරන්න හෝ ඒවා විසන්ධි කරන්න.
4. මීට අමතරව මෙම අමාත්යාංශය යටතේ ක්රියාත්මක GovTech Sri Lanka ආයතනය විසින් දුර්වලතා අනාවරකයක් (Vulnerability detector) සංවර්ධනය කර ඇති අතර එය www.govtech.lk/cvesecure හරහා ක්රියාත්මක කර ඇත. අදාළ වෙබ් අඩවියක PHP දුර්වලතා තිබේ ද යන්න පරීක්ෂා කර බැලීමට සහ අවශ්ය තාක්ෂණික සහාය ලබා ගැනීම සඳහා ශ්රී ලංකා CERT ආයතනය සමග සම්බන්ධ වීමට එකී අඩවි බාර තාක්ෂණ ශිල්පීන්ට අවස්ථාව ලබා දෙන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් දිය යුතු ය.
5. මේ සම්බන්ධ වැඩිදුර විමසීම් සඳහා කරුණාකර 0112497900 / samithnp@govtech.lk ඔස්සේ GovTech Sri Lanka ආයතනය හෝ 0112691692 / info@ncsoc.gov.lk ඔස්සේ Sri Lanka CERT ආයතනය අමතන්න.

තලල්ලේදී සොයාගත් අයිස් සහ හෙරොයින් ප්රමාණය කිලෝග්රෑම් 561කට වඩා අධිකයි
මන්නාරමේදී යුද හමුදා රථයක් අනතුරට! සෙබළෙක් මරුට තවත් 11කට තුවාල!
ජනපති රෝහල්ගත කළ බවට පළවන පුවත ගැන දැනුම්දීමක්
මහේලගෙන් හිස්වූ තනතුර කිරන් පොලාඩ්ට
වාහනය අවභාවිත කළ හිටපු ඇමති ෆවුසි පුවත්පත් දැන්වීමකින් ජනතාවගෙන් ප්රසිද්ධියේ සමාව ගනී
යුද හමුදා නව මාණ්ඩලික ප්රධානී පත් කෙරේ
“රටට යහපතක් වෙනවා නම් දින 500ක් වුණත් සිරගතව ඉන්න සූදානම්” – නාමල් රාජපක්ෂගෙන් විශේෂ ලිපියක්
ගුරු පුරප්පාඩු පිරවීම ගැන විශේෂ පැහැදිලි කිරීමක්
නොරොච්චෝලේ ජනන යන්ත්ර 3ම නැවතත් සක්රීය තත්ත්වයට
මත්ද්රව්ය අඩංගු බවට සැකකෙරෙන උර තොගයක් තලල්ල වෙරළෙන් හමු වෙයි
රාජ්ය සේවක වැටුප් ගැන ජනපතිගෙන් ප්රකාශයක්
පිළිකා රෝගීන්ට සුබ ආරංචියක්! පිළිකාවට එරෙහිව නව එන්නතක්!