ශ්‍රී ලංකාවේ භාවිත වන සියලුම සිම් කාඩ්පත් (SIM) ලියාපදිංචි කිරීමේ රෙගුලාසි සංශෝධනය කිරීමට සහ 2019 අගෝස්තු 02 දිනට පෙර ලබාගත් පැරණි සිම් කාඩ්පත් නැවත ලියාපදිංචි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ජනාධිපතිවරයා විසින් ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ මෙම යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිව ඇත.
පවතින නීතිමය පසුබිම අනුව, සිම් පත් ලියාපදිංචි කිරීමේ රෙගුලාසි අදාළ වන්නේ 2019 අගෝස්තු 02 දිනෙන් පසුව නිකුත් කළ කාඩ්පත් සඳහා පමණි.
මේ හේතුවෙන් ඊට පෙර ලියාපදිංචි වූ ඇතැම් ග්‍රාහකයින් පිළිබඳ නිවැරදි තොරතුරු දුරකථන සමාගම් සතුව නොමැති බව අනාවරණය වී තිබේ.
මෙම තත්ත්වය අපරාධ විමර්ශන කටයුතුවලදී බරපතළ බාධාවක් වී ඇති බැවින් සියලුම පැරණි ග්‍රාහකයින්ගේ තොරතුරු යාවත්කාලීන කිරීම අනිවාර්ය කිරීමට තීරණය කර ඇත.
මෙම නව සංශෝධන හරහා වයස අවුරුදු 16 – 17 අතර ග්‍රාහකයින් ලියාපදිංචි කිරීම සඳහා නව විධිවිධාන හඳුන්වා දීමට ද නියමිතය.
මීට අමතරව මෙරටට පැමිණෙන විදේශිකයන්ට සිම් කාඩ්පත් නිකුත් කිරීමේදී අනුගමනය කළ යුතු නව ක්‍රියාපටිපාටියක් ද මෙම රෙගුලාසිවලට ඇතුළත් වේ.
වර්තමාන ආරක්ෂක සහ තාක්ෂණික අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි 1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත යටතේ පවතින රෙගුලාසි මෙලෙස සංශෝධනය කෙරෙනු ඇත.

රෝගියෙක් බලන්න ගිය තරුණයින් දෙදෙනෙකුට අතරමගදී දිවි අහිමි වෙයි
ජනපති සහ බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායකතුමන් අතර හමුවක්
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් වෙනුවෙන් Low-floor A/C බස්
ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට එන ගුවන් ටිකට්පත්වල ගාස්තු ඉහළට
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන ස්ථානය
ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරිවරයෙකු අත්අඩංගුවට
වනිඳුගේ වෛද්‍ය පරීක්ෂණයේ වාර්තාව නිකුත් වෙයි! ගත් තීරණය මෙන්න!
ළඟදීම රාජ්‍ය ආයතන රැසක ඉහළ තනතුරුවලට වෙනසක්
මාළු මිල ඉහළ යන ලකුණු
ටිල්වින්, ගුජරාටයේ මහ ඇමති හමුවෙයි
සංශෝධිත දේශීය ආදායම් පනත් කෙටුම්පතට අනුමැතිය
බළලෙකුට කැත වැඩක් කළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් අත්අඩංගුවට