හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යළි අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් පසුගිය 02 වනදා විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නිවසේ පැවති මෙම විශේෂ සාකච්ඡාවට පවිත්‍රා වන්නිආරච්චි, ජොන්ස්ටන් ප්‍රනාන්දු, නාමල් රාජපක්ෂ ඇතුළු පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයින් එක්ව සිටි බව දේශපාලන ආරංචි සඳහන් කරයි.
ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මෙයට එක්වීමට බලාපොරොත්තුවෙන් සිටි නමුත් අවසන් මොහොතේ ඔහු නොපැමිණි බවද වාර්තා විය.
මහින්ද රාජපක්ෂ මහතාට ගෞරවාන්විත සමුගැනීමක් ලබාදීම සඳහා ඔහුව ඉතා කෙටි කාලයකට අගමැති ධූරයට පත්කිරීමට යෝජනා වී ඇත.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා මීට පෙරද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුණේ මහින්ද රාජපක්ෂ මහතාට ගෞරවාන්විත සමුගැනීමක් ලබාදිය යුතු බවත් රාජපක්ෂ මහතා නැවත ස්ථිර අගමැති ධූරයකට පත්කිරීම අනවශ්‍ය බවයි.
කෙසේ වෙතත්, එම සාකච්ඡාවේදී අදාළ යෝජනාවට වත්මන් අගමැති දිනේෂ් කැමතිවී ඇති නමුත් සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වූ බව දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට! විජයකාන්ත් වියස්කාන්ත්ව කණ්ඩායමට කැඳවයි!
ඉදිරියේදී එන මහ වැස්සට මුහුණ දෙන්න අගමැතිනිය දුන් විශේෂ උපදෙස
විශේෂඥ දැනුමට සරිලන පරිදි රාජ්ය සේවකයින්ට නව වැටුප් තල සැකසීමට රජයෙන් සැලසුම්
අස්වැසුම ප්රතිලාභීන්ට දැනුම්දීමක්
නාමල් රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්
යෝෂිත රාජපක්ෂත් අධිකරණයට
පාකිස්ථාන සංචාරය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි
ශිරන්ති රාජපක්ෂව හෘද සැත්කමකට භාජනය කර ඇති බව නීතිඥයා අධිකරණයට දන්වයි
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
පෝට්සිටි ආයෝජකයින්ගෙන් කප්පම් ගත් චීන ජාතිකයෙක් අත්අඩංගුවට
අභිමානය බේරගන්න සිංහ පැටව් අද තරග බිමට
ශිරන්තිට සහ නාමල්ට එරෙහි නඩු අද කැඳවයි