උතුරු අන්දමන් දූපත් ආශ්රිත බෙංගාල බොක්ක ප්රදේශයේ පැවති අඩුපීඩන කලාපය එම ප්රදේශය ආශ්රිතවම පවතිමින් අද (24) දින වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
එම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් තවදුරටත් වර්ධනය වී ඔක්තෝබර් මස 25 දින වනවිට ගැඹුරු පීඩන අවපාතයක් බවටත්, ඔක්තෝබර් මස 26 වන දින උදෑසන වනවිට බෙංගාල බොක්කේ බටහිර මධ්යම ප්රදේශය ආශ්රිතව සුළි කුණාටුවක් බවටත් පත්වීමට ඉතා ඉහළ සම්භාවිතාවක් පවතින බවද සඳහන් කරයි.
මෙම පද්ධතියේ සෘජු බලපෑමක් ශ්රී ලංකාවට නොමැතිවුවද එම පද්ධතිය වෙත ඇදීයන සුළං ප්රවාහය දිවයින හරහා පවතින බැවින් දිවයිනේ නිරිතදිග ප්රදේශයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී අපේක්ෂා කරයි.
මේ හේතුවෙන් බස්නාහිර, සබරගමුව, උතුර සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි.
දිවයිනේ සෙසු ප්රදේශවල පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ප්රදේශවලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.
මධ්යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.
ඉදිරි පැය 24 සඳහා දිවයින වටා වන මුහුදු ප්රදේශ සඳහා කාලගුණ අනාවැකිය නිකුත් කරමින් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, උතුරු අක්ෂාංශ 10 ත් 20 ත් සහ නැගෙනහිර දේශාංශ 80 ත් 95 ත් අතර මුහුදු ප්රදේශවල නැවත දැනුම්දෙන තුරු ධීවර සහ නාවුක කටයුතුවලින් වළකින ලෙසය.
එම මුහුදු ප්රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ප්රජාවන් ආරක්ෂිත ප්රදේශ කරා යාත්රා කරන ලෙසත් උපදෙස් දෙයි.
මේ සම්බන්ධයෙන් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසද ධීවර සහ නාවුක ප්රජාවගෙන් ඉල්ලා සිටී.

මත්ද්රව්ය අඩංගු බවට සැකකෙරෙන උර තොගයක් තලල්ල වෙරළෙන් හමු වෙයි
රාජ්ය සේවක වැටුප් ගැන ජනපතිගෙන් ප්රකාශයක්
පිළිකා රෝගීන්ට සුබ ආරංචියක්! පිළිකාවට එරෙහිව නව එන්නතක්!
මාස 6කට පසු ලෝක බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට
සමන්තුරේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමට අඛණ්ඩ ප්රතිකාර
අල්ලස් නඩු 5න් 4කට චාමරට ඇප! ඇප නැතිවූ නඩුවට චාමර ඇතුළට!
සාමාන්ය පෙළ සෞන්දර්ය විෂයන්හි ප්රායෝගික පරීක්ෂණ දින ප්රකාශයට පත් කෙරේ
ජනපති අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්යාපෘතියේ ප්රගතිය සොයා බලයි
නාමල් රාජපක්ෂගේ නඩු විභාගය අතරතුර ජනාධිපති නීතිඥ අලි සබ්රි පැවසූ දේ
සබරගමුව විශ්වවිද්යාලයේ නව කුලපති ලෙස අග්ගමහා පණ්ඩිත ජ්යෙෂ්ඨ මහාචාර්ය පූජ්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියන් පත් කෙරේ
සත්යග්රහයේ නිරත භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් අධිකරණයට
රක්ෂිත බන්ධනාගාරයේ සිටින නාමල්ට හිටපු ජනපති මහින්දගෙන් විශේෂ ලිපියක්