තියුණු ආයුධවලින් කපා කොටා පුද්ගලයින් බියගන්වා දේපළ කොල්ලකෑමේ නිරත වූ අපරාධ කල්ලියක සාමාජිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හොරණ මූලස්ථාන පොලීසිය සමත් වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුකළ දරුණු අපරාධ රැසක තොරතුරු අනාවරණය වී ඇත.
මෙම කල්ලිය විසින් සිදුකර ඇති වඩාත්ම දරුණු අපරාධය ලෙස වාර්තා වන්නේ හික්කඩුව ප්‍රදේශයේදී බන්ධනාගාර නිලධාරියෙකුට මන්නා පිහිවලින් පහර දී ඔහුගේ අත වෙන්වන ලෙසම කපා දමා යතුරුපැදිය කොල්ලකෑමයි.
ඊට අමතරව, හොරණ නවම් පෙරහැර පැවති දින යතුරුපැදියක් සොරාගෙන ඉන් හේනේගම ප්‍රදේශයේ නිවසකට ගොස් මුදල් සහ ජංගම දුරකථන කොල්ලකා ඇති බව ද හෙළි වී තිබේ.
කල්ලියේ ප්‍රධානියා හෙරොයින් සමඟ අත්අඩංගුවට ගැනීමෙන් පසු හෙළි වූ තොරතුරු මත සෙසු සැකකරුවන් දෙදෙනා බටුවිට සහ තලගල ප්‍රදේශවලදී අත්අඩංගුවට ගැනුණි. ඔවුන් සතුව තිබී:
- කොල්ලකන ලද යතුරුපැදි 03ක්.
- ඈගල්ඔය ප්‍රදේශයේදී කොටස් කර තිබූ යතුරුපැදි අමතර කොටස්.
- තියුණු ආයුධ සහ ජංගම දුරකථන පොලිස් භාරයට ගෙන ඇත.
හොරණ මූලස්ථාන පොලිස් පරීක්ෂක රංග පෙරේරා මහතාගේ උපදෙස් මත, අපරාධ විමර්ශන අංශයේ වැඩබලන ස්ථානාධිපති ප්‍රසන්න පාදුක්ක මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම සාර්ථක වැටලීම සිදු කළහ.

විදුහල්පතිවරයෙකුට පහරදුන් මව්පියන් 7ක් අත්අඩංගුවට
ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්යක්ෂවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්
ඩොලරය පහළට! රුපියල ඉහළට!
පියාගේ පහරදීමෙන් සාමාන්‍ය පෙළ සිසුවිය රෝහලට
ශ්‍රී ලංකා කණ්ඩායමේ වාර්තාවක් නූලෙන් බේරෙයි! කොදෙව්වන්ගෙන් ගිනිකෙළි සංදර්ශනයක්!
ජනවාරියේදී උද්ධමනයේ සිදුවූ වෙනස
රේගු වෘත්තීය සමිති සන්ධානයෙන් රතු එළියක්
අකුරේගොඩ ඝාතනයට අත්අඩංගුවට ගත් මහසොහොන් කලූට තවත් ඝාතන 10ක් ගැන චෝදනා
ශ්‍රී ලංකා – ඇෆ්ගන් ක්‍රිකට් තරගාවලියට දින නියම වෙයි
පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමියන්ට ජාත්‍යන්තර ඇගයීමක්
හිඟුරක්ගොඩ බිහිසුණු අනතුරක්
මීනගයා දුම්රිය අද සිට නැවත ධාවනය කෙරේ