Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමියන්ට ජාත්‍යන්තර ඇගයීමක්

4 hours ago

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි නා හිමියන් ඉන්දියාවේ KIIT විශ්වවිද්‍යාලය මඟින් පිරිනමනු ලබන ‘Lifetime Achievement Award’ ගෞරව සම්මානයෙන් පිදුම් ලබා තිබේ. බෞද්ධ ශාස්ත්‍රීය අධ්‍යයනය, අධ්‍යාත්මික නායකත්වය සහ ශ්‍රී ලංකා – ඉන්දියා සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීම උදෙසා උන්වහන්සේ සිදුකළ සුවිශේෂී මෙහෙවර අගයමින් මෙම සම්මානය පිරිනමා ඇත.

මෙම සම්මානය මෙරට ඉතිහාසයට එක්වන්නේ ශ්‍රී ලාංකිකයෙකු මෙම ගෞරවනීය සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රථම අවස්ථාව ලෙසයි. මීට පෙර මෙම සම්මානය ඉන්දියාවේ හිටපු ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි මහතා ඇතුළු ජාත්‍යන්තර කීර්තියට පත් සම්භාවනීය පුද්ගලයන් වෙත පිරිනමා තිබුණි.

සම්මානය ලැබීමෙන් අනතුරුව අදහස් දැක්වූ අස්සජි නා හිමියන් සඳහන් කළේ, මෙම ගෞරවය දෙරටේම සමස්ත බෞද්ධ ජනතාව වෙනුවෙන් සිදු කරන ලද ඇගයීමක් බවයි. එමෙන්ම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ඓතිහාසික සහ ද්විපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට අඛණ්ඩව කැපවන බව ද උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *