මුලතිව් ප්‍රදේශයේ වයස අවුරුදු 23 ක කාන්තාවක් පැහැර ගැනීමට කැනඩාවේ සිට පැමිණි 63 හැවිරිදි පුද්ගලයෙකු හා ඊට අනුබල දුන් තවත් දෙදෙනෙකු මුලතිව් පොලීසිය විසින්
අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කැනඩාවේ පදිංචියට ගොස් සිටින වයස වුරුදු 23 ක කාන්තාවක් මීට වසරකට පමණ ඉහතදී
විවාහ වී ඇති අතර කෙටි කලකදි ඇය ඔවුන්ගේම පවුලේ 63 හැවිරිදි ඥාතියෙකු සමග අනියම් සම්බන්ධයක් පවත්වා ගෙන ගොස් තිබෙනවා.
මේ හේතුව මත සැමියා ඇයගෙන් වෙන්ව ජීවත් වී ඇති අතර කාන්තාව සිය ගම්මානය වූ
මුලතිව් පළාතට පැමිණ තිබෙනවා.
ඊට දින දහයකට පමණ පසුව කැනඩවේ සිට මුලතිව් ප්‍රදේශයට පැමිණි පුද්ගලයෙකු තමන්ට ඇය සමග ජීවත් වීමට අවශ්‍ය බව පවසා ඇයව කැටුව යාමට උත්සහ කොට තිබෙනවා.
ඊට කාන්තාවගේ ඥාතීන් විරුද්ධ වූ නිසා ඔහු එදින රාත්‍රියේ කාන්තාව පැහැර ගෙන යාමට
උත්සහ කොට ඇති අතර ඥාතීන් එය වළක්වාගෙන මේ පිළිබදව මුලතිව් පොලීසියට පැමිණිලි කොට තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වහම ක්‍රීයාත්මක වූ පොලීසිය සැකකරු හා ඔහු සමග සිටි තවත් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර මුලතිව් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.
-hiru-

ගෝඨාභයට එරෙහි පාස්කු විමර්ශන ප්රබල තත්ත්වයක පවතිනවා -නීතිපතිවරයා අධිකරණයට දැනුම්දෙයි
අන්දමන් ආශ්රිතව පීඩන අවපාතයක් වර්ධනය වෙයි! වැසි තත්ත්වය පහව යන දිනය මෙන්න!
මෙටා සමාගමට ඩොලර් බිලියන 25ක දැවැන්ත දඩයක්!
මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි! ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අහස උසට නගී!
අභිනව ගැටඹේ රාජෝපවනාරාමාධිපති ධුරයට රාජකීය පණ්ඩිත පූජ්ය අකුරැස්සේ සිරි ධම්මවිමල හිමියන් පත්වෙති
දැදුරු ඔය ගංවතුර මට්ටමට ළංවෙයි
සංවර්ධන නිලධාරීන් දීප ව්යාප්ත වැඩවර්ජනයක
ප්රවීණ රංගවේදී රහල් බුලත්සිංහල දිවි ගමනට සමුදෙයි
‘පොලිස්පති අධිකරණය ඇන්දවීමට උත්සහ කරලා’ – පොලිස්පතිට එරෙහිව නඩු පැවරීමට ගම්පහ මහේස්ත්රාත් නියම කරයි
අනුරාධපුර ප්රදේශ කිහිපයකට හෙට පැය 8ක ජල කප්පාදුවක්
සසුනඹරට අමිල මෙහෙයක් ඉටුකොට නිහඬවම නික්ම ගිය යතිවරයාණෝ