මුලතිව් ප්‍රදේශයේ වයස අවුරුදු 23 ක කාන්තාවක් පැහැර ගැනීමට කැනඩාවේ සිට පැමිණි 63 හැවිරිදි පුද්ගලයෙකු හා ඊට අනුබල දුන් තවත් දෙදෙනෙකු මුලතිව් පොලීසිය විසින්
අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කැනඩාවේ පදිංචියට ගොස් සිටින වයස වුරුදු 23 ක කාන්තාවක් මීට වසරකට පමණ ඉහතදී
විවාහ වී ඇති අතර කෙටි කලකදි ඇය ඔවුන්ගේම පවුලේ 63 හැවිරිදි ඥාතියෙකු සමග අනියම් සම්බන්ධයක් පවත්වා ගෙන ගොස් තිබෙනවා.
මේ හේතුව මත සැමියා ඇයගෙන් වෙන්ව ජීවත් වී ඇති අතර කාන්තාව සිය ගම්මානය වූ
මුලතිව් පළාතට පැමිණ තිබෙනවා.
ඊට දින දහයකට පමණ පසුව කැනඩවේ සිට මුලතිව් ප්‍රදේශයට පැමිණි පුද්ගලයෙකු තමන්ට ඇය සමග ජීවත් වීමට අවශ්‍ය බව පවසා ඇයව කැටුව යාමට උත්සහ කොට තිබෙනවා.
ඊට කාන්තාවගේ ඥාතීන් විරුද්ධ වූ නිසා ඔහු එදින රාත්‍රියේ කාන්තාව පැහැර ගෙන යාමට
උත්සහ කොට ඇති අතර ඥාතීන් එය වළක්වාගෙන මේ පිළිබදව මුලතිව් පොලීසියට පැමිණිලි කොට තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වහම ක්‍රීයාත්මක වූ පොලීසිය සැකකරු හා ඔහු සමග සිටි තවත් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර මුලතිව් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.
-hiru-

අටමස්ථානාධිපති තනතුරේ වෙනසක්! පල්ලේගම හේමරතනගේ තනතුරු අත්හිටුවයි!
කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි කෙරේ
පිරිවැය ආවරණය කෙරෙන විදුලි සහ ඉන්ධන මිලකරණයක්! ජනපතිගෙන් IMF වෙත සහතිකයක්!
මෙවර වෙනස්ම ආකාරයේ දන්සැල් රැසක්! පවත්වන ස්ථාන හා වේලාවන් මෙන්න!
යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ
පින්බර වෙසක් පුන් පොහෝ දිනය අදයි
මෙනින්ජයිටීස් රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා සියලුම පාසල් වෙත මාර්ගෝපදේශ නිකුත් කෙරේ
සර්වජන බලයෙන් ජනපතිට ප්‍රශ්න 3ක්
කොළඹ උද්ධමනයේ වැඩිවීමක්
මඩකළපුවේ දරුවන් දෙදෙනා මියගිය සිද්ධියේ සැකකාර පියා රිමාන්ඩ්
මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කොටසේ වැඩ ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි
බස් රථයක් පෙරළෙයි! 26ක් රෝහලට!