පැහැරගෙන ගොස් අතුරුදන් කළ බව කියන මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා සම්බන්ධ නඩුවේ වැඩිදුර විභාගය ලබන 16 වැනිදා දක්වා කල් තබා තිබෙනවා.
අද (9) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී පැමිණිල්ලේ සිව්වැනි සාක්ෂිකරුගෙන් විත්තිය විසින් හරස් ප්‍රශ්න විමසීම සිදු කර ඇති බව සඳහනි්.
එහිදී, පළමු විත්තිකරු විසින් සිදුකළ බලපෑම් හේතුවෙන් මීට පෙර සාක්ෂි වෙනස් කිරීමට සිදුවූ බවට සිව්වැනි සාක්ෂිකරු අධිකරණය හමුවේ සාක්ෂි ලබාදී තිබෙනවා.
වැඩිදුර නඩු විභාගය ලබන 16 වැනිදා පැවැත්වීමට නියමිත අතර, එදිනට 53 සහ 98 යන සාක්ෂිකරුවන් කැඳවීම සඳහා නොතීසි නිකුත් කර තිබෙනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් අඩියක් පස්සට ගනී
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තවත් පරාජයක්
ඥානසාර හිමියන් වෙනුවෙන් දළදා මාලිගාව අභියස අද අධිෂ්ඨාන සත්‍යක්‍රියාවක්
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයෙන් රතු එළි
ඊළගට ජම්පරේ අන්දන්නේ මටලු – ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මෙට්‍රෝ බස්වලට හානි කරන අයට වැඩ වරදින ලකුණු
ජනපති සමග පැවති සාකච්ඡාව ගැන මල්වතු මහාවිහාර පාර්ශ්වයෙන් නිවේදනයක්
සමාජ මාධ්‍යයේ පළවන විදෙස් විශ්වවිද්‍යාල බඳවා ගැනීමේ වංචාවක් ගැන හෙළිදරව්වක්
හිටපු ජනපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
2026 නොබෙල් සාම ත්‍යාගය නවනීදම් පිල්ලේට
සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ මිලියන 35ක දේපළ ක්‍රියාවිරහිත කෙරේ
විමල් වීරවංශට එරෙහිව නඩු පැවරීමේ තීරණයක්