Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

විමල් වීරවංශට එරෙහිව නඩු පැවරීමේ තීරණයක්

3 hours ago

2024 අංක 08 දරණ අධිකරණයට, විනිශ්චය අධිකරණයට හෝ ආයතනයට අපහාස කිරීමේ පනතේ ප්‍රතිපාදන අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩු පැවරීමට අවශ්‍ය නෛතික ලේඛන අධිකරණ රෙජිස්ට්‍රාර්වරිය වෙත භාරදීමට පොලීසිය පියවර ගෙන තිබේ.

පසුගිය සැප්තැම්බර් මස අනුරාධපුරයේ පැවැති ජනරැලියක් අමතමින්, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් සැකකරුවෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නිකුත් කළ නියෝගයක් විවේචනය කරමින් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මෙම පියවර ගෙන ඇත.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක බෝදරගම මහතා විසින් පොලිස්පතිවරයා වෙත කරන ලද ලිඛිත නියෝගයකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබුණි.

මාධ්‍ය නාලිකා 07කින් ලබාගත් සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන, සංවිධායකයින්, මාධ්‍යවේදින්, ප්‍රදේශවාසීන් සහ පොලිස් නිලධාරීන්ගෙන් ලබාගත් සාක්ෂි සටහන් ඇතුළත් උධෘත ගොනු සහ DVD තැටි කොළඹ අංක 02 අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නීතිමය පියවර ගෙන ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *