Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සමාජ මාධ්‍යයේ පළවන විදෙස් විශ්වවිද්‍යාල බඳවා ගැනීමේ වංචාවක් ගැන හෙළිදරව්වක්

3 hours ago

සමාජ මාධ්‍ය ඔස්සේ පළවන විදේශීය විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීමේ දැන්වීම්වලට හසුවීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම සංසදය සඳහන් කර ඇත්තේ මෙලෙස රැවටී රුපියල් ලක්ෂ ගණනින් මුදල් අහිමි කරගත් දෙමව්පියන් හා ශිෂ්‍යන් කිහිපදෙනෙකුගෙන් මේ සම්බන්ධව සිය සංසදය වෙත පැමිණිලි ලැබී ඇති බවය.

විදේශ විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් වී විදෙස් රටවල වීසා බලපත්‍ර ලබා ගත හැකි බවත් වසර කිහිපයක රැකියා බලපත්‍ර ලබාගෙන පසුව පුරවැසිභාවය පවා ලබාගත හැකි බවටත් පළවන දැන්වීම් සමාජ මාධ්‍ය තුළ දැකගත හැකි බවත් එම සංසදය සඳහන් කර තිබේ.

මෙම ඇතැම් දැන්වීම් සම්පූර්ණයෙන්ම වංචනික බවත් එම දැන්වීම්වල සඳහන් දුරකථන අංකවලට ඇමතූ විට ආකර්ෂණීය විස්තර දැනගැනීමට හැකි බවත් එහිදී නියෝජිතයින් ලෙස ඔවුන් ලොව ඉහළම විශ්ව විද්‍යාල වෙනුවෙන් පෙනී සිටින බවත් මෙහිදී අනාවරණය වීඇතැයිද ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව ඇත.

එහිදී ලියාපචිංචි ගාස්තු සහ පළමු අධ්‍යන වාරයට පමණක් මුදල් ගෙවා විශ්වවිද්‍යාලයට ඇතුළත් විය හැකි බවත් ඉන් පසු සිසුවාට රැකියාවක් සොයාගෙන නවාතැන් සහ ආහාර සඳහා මුදල් සොයාගත හැකි බවටත් ඉතා ආර්ෂණීය ලෙස ඔවුන් පවසන බවත් සඳහන් කර ඇති එම සංසදය ඉන්පසුව ඇති අධ්‍යන වාරයන් සඳහා ශිෂ්‍යත්ව පවා දිනාගැනීමේ හැකියාව පවතින බවද වංචනිකයින් විසින් පවසන බවද එම සංසදය පෙන්වා දී තිබේ.

ඒ අනුව ඊමේල් ගොනුවක් හෝ වට්සැප් සමූහයක් සාදා ගන්නා ලෙසත් ඔවුන් දැනුම්දී ඇතැයිද ඒවාට එවනු ලබන්නේද අදාළ විශ්ව විද්‍යාලවල වීඩියෝ සහ ඡායාරූප මෙන්ම තොරතුරු පමණක් බවත් එම වීඩියෝ සහ ඡායාරූප ඔන්ලයින් ඔස්සේ සොරාගත් ඒවා බවට සැක කළ නොහැකි තරමටම එම වංචාකරුවන් ඉතා සූක්ෂමව විස්තර ඉදිරිපත් කර ඇති බවත් පෙන්වා දෙන එම සංසදය අනාවරණය කරනුයේ ලියාපදිංචිය සඳහා වන ලිපිගොනු ඇතුළත් ලේඛනද අදාළ විශ්වවිද්‍යාලයෙන් නිකුත් කරනු ලබන ලේඛන හා සමාන වන බවය.

ඉන් පසුව මුදල් බැර කිරීම සඳහා ඔවුන් ලබා දෙනු ලබන්නේද විදේශ ගිණුම් අංක බවත් මේ හරහා සැකයක් ඇතිවීමට තිබෙන සියලු ඉඩ කඩ ඔවුන් විසින් වසා දමනු බවත් ඔවුන් මෙමගින් පෙන්වා දී තිබේ.

එම සංසදය සඳහන් කරනුයේ මෙයට රැවටී ලියාපදිංචි ගාස්තු, මුල් අධ්‍යයන කාලසීමාව සදහා ගාස්තු ලෙස රුපියල් ලක්ශ ගණනක් බැරකල පසු මෙම වංචනිකයින් අතුරුදහන් වන බවය.

ඒ අනුව අන්තර්ජාලය ඔස්සේ පල කෙරෙන මෙවැනි දැන්වීම්වලට හසුනොවන ලෙසත් නීත්‍යනුකූල අකාරයෙන් සේවා සපයන විශ්වවිද්‍යාල නියෝජිතයන් පමණක් තෝරා ගන්න ලෙසත් ශ්‍රී ලංකා CERT ආයතනය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

එමෙන්ම මෙම පුද්ගලයන් ලබාදෙන ලේඛනවල නිර්වද්‍යතාවය මෙන්ම ගිණුම් අංක පිළිබඳව ද පරීක්ෂාවෙන් සිටින ලෙසත් CERT ආයතනය තවදුරටත් ජනතාව වෙත දන්වා සිටින බවද ඔවුන් විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. 

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *