දිවයින පුරා ඊයේ (17) දින හටගත් හදිසි විදුලි බිඳවැටීමට හේතු වූ නිශ්චිත සිද්ධි දාමය හඳුනාගැනීම සඳහා අභ්යන්තර විමර්ශනයක් ආරම්භ කර ඇති බව ජාතික පද්ධති ක්රියාකරු පුද්ගලික සමාගම පවසයි.
ඊයේ පෙරවරු 11.43ට පමණ ජාතික විදුලිබල පද්ධතියෙන් ජනන යන්ත්රයක් ඉවත්වීමත් සමඟ ඇති වූ අසමතුලිතතාවක් හේතුවෙන් තත්ත්පර 30කට අඩු කාලයක් තුළ සමස්ත දිවයිනේම විදුලි සැපයුම සම්පූර්ණයෙන්ම බිඳවැටී තිබුණි. අනතුරුව පද්ධතිය යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කර ඇති අතර, දහවල් 12.11 වන විට ප්රධාන ජලවිදුලි ජනන යන්ත්ර පද්ධතියට එක්කරමින් කොටස් හතරක් යටතේ විදුලි පද්ධතිය යළි පණගැන්වීමට පියවර ගෙන ඇත. කෙසේ වෙතත්, පද්ධති පාලන මධ්යස්ථානයේ පාලනයට නතු නොවන කුඩා විදුලි ජනන ප්රභව හේතුවෙන් විදුලි සැපයුම යළි සම්බන්ධ කිරීමේදී යම් අභියෝගාත්මක තත්ත්වයක් මතු වූ බව ද එම සමාගම සඳහන් කරයි.
පස්වරු 12.37 සිට බෙදාහැරීම් පෝෂක යළි පණගැන්වීම ආරම්භ කර ඇති අතර, පස්වරු 3.00 පමණ වන විට ප්රධාන රෝහල්, ජල පවිත්රාගාර සහ ගුවන්තොටුපොළ ඇතුළු අත්යවශ්ය සේවාවන් සඳහා විදුලි සැපයුම යථාවත් කිරීමට සමත්ව ඇත. එමෙන්ම පස්වරු 5.00 වන විට සියලු ග්රිඩ් උපපොළවලට විදුලි සම්බන්ධතාව ලබාදී පාරිභෝගිකයින්ගෙන් අතිබහුතරයකගේ විදුලි සැපයුම සාමාන්ය තත්ත්වයට පත් කර තිබේ.
මේ අතර, මෙම විදුලි බිඳවැටීමත් සමඟ නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය සාමාන්ය ආරක්ෂක ක්රමවේදයට යොමු වී ඇති අතර, එය යළි ජාතික පද්ධතියට සම්බන්ධ කිරීමට දින කිහිපයක් ගතවනු ඇති බව සඳහන් වේ. ඒ හේතුවෙන් ජාතික පද්ධතියට අහිමි වන මෙගාවොට් 810ක ජනන ධාරිතාව හමුවේ, ඉදිරි දින කිහිපය තුළ පාරිභෝගික ජනතාවට අවම බලපෑමක් වන පරිදි විදුලි සැපයුම කළමනාකරණය කිරීමට අවශ්ය පියවර ගෙන ඇති බව ජාතික පද්ධති ක්රියාකරු පුද්ගලික සමාගම වැඩිදුරටත් කියා සිටී. මීට අමතරව, ඊයේ සිදුවූ මෙම විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්ව විසින් අසත්ය ප්රචාර ගෙන යන බව ලංකා විදුලි සේවක සංගමය පවසයි.

අතිපූජ්ය කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියන්ගේ ආදාහන පූජ්යෝත්සවය පිළිබඳව දැනුම්දීමක්
කාවන්තිස්සට වෙඩි තැබූ සැකකාර වෙඩික්කරු අත්අඩංගුවට
ශිරන්ති රාජපක්ෂව පෞද්ගලික රෝහලකට මාරු කෙරේ
රෝහල් ගත කළ කස්සප හිමි යළි සත්යග්රහයට
අග්බෝ ඇතා සෙවීම සඳහා විශේෂ මෙහෙයුමක්
පාසල් පද්ධතියේ බරපතළ ගුරු හිඟයක් – ලංකා ගුරු සංගමය
නව ගුරු පත්වීම් 30,000ක්
කාවන්තිස්ස’ හස්තියාගේ මරණයට අදාළව අධිකරණයෙන් දුන් නියෝගය
කිරිඳිවැල සිනමා ශාලාවක් තුළ තිබී ගිනි අවි සහ ජීව උණ්ඩ තොගයක් සොයා ගැනේ
තුන්කොන් එක්දින තරගාවලියේ පළමු තරගය අද! ශ්රී ලංකාව පාකිස්ථානය සමඟ තරග බිමට!
බලංගොඩ කස්සප හිමිට කිසිදු පහරදීමක් සිදුවී නැහැ.. දැඩිව නීතිය ක්රියාත්මක කරනවා.. – පොලිස් මාධ්ය ප්රකාශක