වර්තමානය වන විට පාසල් පද්ධතිය තුළ බරපතළ ගුරු හිඟයක් මතුව ඇතැයි ලංකා ගුරු සංගමය පවසයි.
එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීමට පළ කළ ගැසට් නිවේදනයේ විදිමත් භාවයක් නොමැති වීම හේතුවෙන් මේ වන විට බඳවා ගැනීම් අර්බුදයක් දක්වා පැමිණ ඇති බවය.
මින් පෙර අග්රාමාත්යවරිය ගුරු පුරප්පාඩු 36,000ක් පැවති බව පැවසුවත් ඒ සඳහා අයදුම්පත් මගින් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා ඇත්තේ 23,000කට පමණක් බව පැවසූ ඒ මහතා ඉන් මූලික වටයේ සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා ඇත්තේ 17,000කට පමණක් බවද සඳහන් කළේය.
මෙන්ම මේ වන විට අධ්යාපන පද්ධතියේ තමන්ට ස්ථාන මාරු ලබා ගැනීමට නොහැකිව සිටින ගුරුවරු විශාල ප්රමාණයක් සිටින බවත් පැවසූ ඒ මහතා ඒ අනුව අනුප්රාප්තිකයෙක් නොමැතිව අවුරුදු 12-13ක් එකම පාසලේ සේවය කරන ගුරුවරුන් සිටින බවද පැවසීය.
මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා,
“මේ වෙනකොට පාසල් පද්ධතියේ බරපතළ ගුරු හිඟයක් තියෙනවා. අපි දැක්කා අවුරුද්ද මුලදිම අග්රාමාත්යවරිය සහ අධ්යාපන ඇමතිවරිය කිව්වා පාසල් පද්ධතියේ 46,000ක ගුරු පුරප්පාඩු තියෙනවා කියලා. පස්සේ ඒක 36,000කට අඩු කරලා කිව්වා. එතකොට දැන් මේ ගුරු පුරප්පාඩු පුරවන්නේ නැතිව ඉන්නේ පාසල් පද්ධතියේ දැන් අවුරුදු එකහමාරකට වැඩි කාලයක් තිස්සේ. අවුරුදු එකහමාරකට වැඩි කාලයක් තිස්සේ බරපතළ ගුරු පුරප්පාඩු තියාගෙන තමයි ඉස්සරහට යන්නේ.
දැන් අධ්යාපන ප්රතිසංස්කරණයක් කරනවා කියලා කියනවා දැන් මේ පුරප්පාඩු තියාගෙන තමයි ඔක්කොම කියන්නේ. එතකොට මේ පුරප්පාඩු පිරවීම සඳහා වර්තමාන රජය මුල ඉඳන්ම කිව්ව දෙයක් තමයි 23,000ක් ගුරුවරු බඳවා ගන්නවා කියන කාරණව. ඒ කියන්නේ පුරප්පාඩු ප්රමාණයට වඩා අඩුවෙන් තමයි බඳව ගන්න තීරණය කරලා තිබුණේ. මේ 23,000 බඳව ගන්න දැන් ගැසට් කළා. දැන් ගැසට් කළාට පස්සේ දැන් මොකද වෙලා තියෙන්නේ මූලික වටයේ සම්මුඛ පරීක්ෂණ කැඳවලා තියෙන්නේ කීදෙනාටද 17,000කට. එතකොට මේ ගුරු පුරප්පාඩු පිරවෙන්නේ කවදාද?
මේ වෙද්දි සැලසුම් කරලා තියෙන්නේ ලබන මාසේ මැද වෙනකොට සම්මුඛ පරීක්ෂණ ආරම්භ කරන්න එතකොට පත්වීම් දෙනකොට අඩුම තරමේ ජනවාරි වෙනවා. එතකොට 36,000කට වැඩි ගුරු පුරප්පාඩු, බඳව ගන්න තීරණය කළේ 23,000යි එකෙනුත් සම්මුඛ පරීක්ෂණයට කැඳවන්නේ 17,000යි. එතකොට මේ පුරප්පාඩුවලට කවුද වගකියන්නේ ?.
මේ වෙනකොට අධ්යාපන පද්ධතියේ විශාල ගුරුවරු ප්රමාණයක් ඉන්නවා තමන්ට ස්ථානමාරු වෙලා යන්න බෑ, අවුරුදු 12-13 වැඩ කරනවා ඒ අයට අනුප්රාප්තිකයෙක් නෑ. දැන් මේ අනුප්රාප්තිකයෝ බඳව ගැනීමක් වෙන්නේ නෑ. එතකොට මේ අවුරුද්දත් ඉන්න වෙනවා. මේක බරපතළ අර්බුදයක්. ඒ වගේම දරුවන්ට ගුරුවරයෙක් නැතිව ඉන්න එක ඊට වඩා අර්බුදයක්. මේවාට කවුද විසඳුමක් දෙන්නේ. මේකට අපි ප්රධාන වශයෙන් දකින්නේ විභාග සඳහා කැඳවීමේදි ඉදිරිපත් කරපු ගැසට් නිවේදනයේ විදිමත් භාවයක් තිබ්බේ නෑ. මේ ගැසට් නිවේදනයේ තිබුණ ව්යාකූලභාවය නිසාම තමයි මේ බඳවා ගැනීම අර්බුදයක් වෙන්නේ.”

අග්බෝ ඇතා සෙවීම සඳහා විශේෂ මෙහෙයුමක්
අතිපූජ්ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියෝ අපවත් වෙති
නව ගුරු පත්වීම් 30,000ක්
කාවන්තිස්ස’ හස්තියාගේ මරණයට අදාළව අධිකරණයෙන් දුන් නියෝගය
කිරිඳිවැල සිනමා ශාලාවක් තුළ තිබී ගිනි අවි සහ ජීව උණ්ඩ තොගයක් සොයා ගැනේ
තුන්කොන් එක්දින තරගාවලියේ පළමු තරගය අද! ශ්රී ලංකාව පාකිස්ථානය සමඟ තරග බිමට!
බලංගොඩ කස්සප හිමිට කිසිදු පහරදීමක් සිදුවී නැහැ.. දැඩිව නීතිය ක්රියාත්මක කරනවා.. – පොලිස් මාධ්ය ප්රකාශක
අදත් ප්රදේශ රැසකට ගිගුරුම් සහිත තද වැසි
පවතින ගෑස් හිඟය නිමවන දිනය
ප්රංශයේ දැවැන්ත විරෝධතා! 1,200කට වැඩි පිරිසක් අත්අඩංගුවට!
මහේල ජයවර්ධන මුම්බායි පිලට සමුදෙයි
ඩෙංගු ව්යාප්ත වීමේ අවදානමක්