Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අග්බෝ ඇතා සෙවීම සඳහා විශේෂ මෙහෙයුමක්

1 day ago

අග්බෝ ඇතා සොයා ගැනීමේ කටයුතු කඩිනම් කිරීමේ අරමුණින් පරිසර අමාත්‍යවරයා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ නියෝග මත අග්බෝ ඇතා සෙවීම සඳහා විශේෂ හමුදා කණ්ඩායමක් පිටත් කර යවා තිබෙනවා.

අග්බෝ ඇතා සිටින ස්ථානය කඩිනමින් හඳුනාගෙන ඔහුගේ ආරක්ෂාව සම්පූර්ණයෙන් තහවුරු කිරීමේ අරමුණින් මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති බවයි පරිසර අමාත්‍යාංශය නිවේදනය කළේ.

වන අලි සම්පත ආරක්ෂා කිරීමේ ජාතික වැදගත්කම සැලකිල්ලට ගනිමින්, අදාළ රාජ්‍ය ආයතනවල පූර්ණ සහයෝගය ඇතිව අග්බෝ ඇතා සොයා ගැනීම සඳහා අවශ්‍ය සියලුම මෙහෙයුම් කටයුතු සිදු කරමින් පවතින බව පරිසර අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *