Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බලංගොඩ කස්සප හිමිට කිසිදු පහරදීමක් සිදුවී නැහැ.. දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා.. – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

57 minutes ago

විහාරමහාදේවි උද්‍යානයේදී ඊයේ (17) පස්වරුවේ පය ලිස්සා වැටීම හේතුවෙන් රාත්‍රී 8.30 ට පමණ ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කර ඇති පූජ්‍ය බලංගොඩ කස්සප ස්වාමීන් වහන්සේට අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ සිදු කර ඇත.

හිසට පහර වැදී ඇති බව පැවසීම නිසා වෛද්‍යවරුන් නිරීක්ෂණ වාට්ටුවක රඳවා වැඩිදුර පරීක්ෂණ කිරීමට උත්සාහ කළද, ප්‍රතිකාර තවදුරටත් අනවශ්‍ය බව පවසා උන්වහන්සේ පැයකට පමණ පසු (රාත්‍රී 9.30 ට පමණ) රෝහලෙන් බැහැරව ගොස් ඇති බව ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා පවසයි.

උන්වහන්සේට කිසිදු පහරදීමක් සිදුවී නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තහවුරු කර ඇති අතර, ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය ඔස්සේ මහජනතාව කුපිත කරමින් මේ පිළිබඳව අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන බවට අනාවරණය වී ඇත. එවැනි අසත්‍ය ප්‍රචාර සමාජගත කරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද පොලීසිය අවධාරණය කරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *