කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ගිනි අවි සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු තමන්ගේ සහෝදරයෙකු බවට සහ එම පුද්ගලයා සහ තමන් අතර සබඳතාවක් පවතින බවට පළවන මාධ්ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්ය බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂණ රාජකරුණා පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් මන්ත්රීවරයා සඳහන් කරන්නේ, තමන් සහෝදරියන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ එකම පිරිමි දරුවා වන බැවින් තමන්ට කිසිදු සහෝදරයෙකු නොමැති බවයි.
එසේම පෙළපත් නාමය සමාන වූ පමණින් වෙනත් අයෙකු සිදුකරන වැරදි තමන් පිට පැටවීමට උත්සාහ කිරීම අසාධාරණ බවද මන්ත්රීවරයා පෙන්වා දෙනවා.
වසර 11 ක පාර්ලිමේන්තු මන්ත්රී ධුර කාලය තුළ මන්ත්රීවරුන්ට හිමිවන ගිනි අවි පවා තමන් කිසිදිනෙක ලබාගෙන නොමැති බවත්, තම පියා වූ දිවංගත සරත්චන්ද්ර රාජකරුණා ද කිසිදු දිනෙක ගිනි අවියක් සන්තකයේ තබාගෙන නොමැති බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කරනවා.
දේශපාලනමය වශයෙන් තම චරිතය ඝාතනය කිරීමේ සහ නමට කැලලක් ඇති කිරීමේ අරමුණින් මෙම අසත්ය ප්රවෘත්තිය වාර්තා කළ මාධ්ය ආයතනවලට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට උපදෙස් ලබා දී ඇති බවද මන්ත්රීවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

ජනප්රිය බොලිවුඩ් නළු ටයිගර් රොෆ් ඉලක්ක කර වෙඩි ප්රහාරයක්
අතිපූජ්ය කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියන්ගේ ආදාහන පූජ්යෝත්සවය පිළිබඳව දැනුම්දීමක්
කාවන්තිස්සට වෙඩි තැබූ සැකකාර වෙඩික්කරු අත්අඩංගුවට
ශිරන්ති රාජපක්ෂව පෞද්ගලික රෝහලකට මාරු කෙරේ
තත්ත්පර 30කින් මුළු රටම අඳුරට වැටීමට හේතුවූ හදිසි බිඳවැටීම ගැන විමර්ශනයක්
රෝහල් ගත කළ කස්සප හිමි යළි සත්යග්රහයට
අග්බෝ ඇතා සෙවීම සඳහා විශේෂ මෙහෙයුමක්
පාසල් පද්ධතියේ බරපතළ ගුරු හිඟයක් – ලංකා ගුරු සංගමය
නව ගුරු පත්වීම් 30,000ක්
කාවන්තිස්ස’ හස්තියාගේ මරණයට අදාළව අධිකරණයෙන් දුන් නියෝගය
කිරිඳිවැල සිනමා ශාලාවක් තුළ තිබී ගිනි අවි සහ ජීව උණ්ඩ තොගයක් සොයා ගැනේ