වෙළඳපොලේ සහල් මිල ඉහළ යෑම පාලනය කිරීමට සහ ගුණාත්මක තත්වයෙන් ඉහළ සහල් පාරිභෝගිකයාට ලබාදීමේ අරමුණින් වී අලෙවි මණ්ඩලයේ දැනට ඇති වී තොග උපයෝගී කරගෙන සකස් කළ සහල් පී.එම්.බී. රයිස් නාමය යටතේ වෙළඳපොලට අද (27) සිට නිකුත් කිරීමට නියමිතයි.
කිලෝග්රෑම් පහේ සහ දහයේ ප්රමාණයෙන් සකස් කළ සහල් මලු මෙලෙස අලෙවියට නිකුත් කරනු ඇති.
කොළඹ දිස්ත්රික්කය තුළ මෙම සහල් මළු අලෙවිය සිදු කරනු ලබන්නේ ආහාර ප්රවර්ධන මණ්ඩලයට අයත් අලෙවිසැල් 3 ක් හරහායි. ඊට අමතරව කෘෂිකර්ම අමාත්යාංශයේ විවෘත කරනු ලබන අලෙවිසැලක් හරහා ද හෙට සිට සහල් ලබාගත හැකියි.
ඊට අමතරව වෙළඳපොල අවශ්යතාව මත මසකට සහල් මෙට්රික් ටොන් දස දහස බැගින් සතොස අලෙවිසැල් මගින් මෙම සහල් නිකුත් කිරීමට ද අපේක්ෂා කෙරෙනවා.

තරු පහේ හෝටලයට එරෙහිව නඩු පැවරවීමට සැරසෙන බලංගොඩ කස්සප හිමි
අයවැය විවාදය පැවැත්වෙන කාලය තුළ මැති, ඇමතිවරු ඇතුළු රජයේ නිළධාරීන් පිරිසකට විදේශ සංචාර තහනමක්
අද කුඩයක් නැතිව එළියට යන්න එපා
බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි! කාලගුණයෙන් රතු නිවේදනයක්!
ලංකා IOC ඔක්ටේන් 95 පෙට්රල් මිල ඉහළ දමයි
පොලිස් සිර මැදිරියේ සිටි තරුණයෙකු මියයෑම ගැන ඥාතීන්ගෙන් පොලිසියට චෝදනා
රඹුක්කන සහ පේරාදෙණිය – ගම්පොළ අතර දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවයි
ශ්රී ලංකාවට එරෙහි පාකිස්තාන ටෙස්ට් සංචිතය නම් කෙරේ
ත්රෛනිකායික මහනාහිමිවරුන් සත්යග්රහයේ නිරත වූ මහා සංඝරත්නයට නිකුත්කළ ලිපිය
විහාරමහාදේවී උද්යානයේ සත්යග්රහය අත්හිටුවයි
කොග්ගල දුම්රිය හරස් මාර්ගයේදී බස් රථයක් දුම්රියක ගැටීමෙන් තුවාල ලැබූ ළමුන් සංඛ්යාව 10 දක්වා ඉහළට
ශ්රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට! ලක්දනවි සමාගමට ජාත්යන්තර සම්මාන 5ක්!