හිමාල කඳු පන්තියේ එවරස්ට් කලාපයට අයත් “කලපතාර්” (Kalapatthar Peak) ඇතුළු කඳු මුදුන් කිහිපයක් සාර්ථකව තරණය කළ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ඊයේ(23) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.
මෙලෙස ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයට රැගෙන ගිය කණ්ඩායමට ඇතුළත් වූයේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන බාලදක්ෂයෙකු වන සවිනිදු හසරංග සහ ඔහුගේ පියා වන එම විද්‍යාලයේම ආදි ශිෂ්‍ය දිනේෂ් ජයවර්ධන මහතායි.
ඔවුන් මෙම කදු තරණය කිරීම සඳහා ඉකුත් 04/05 දින ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබූ අතර 04/12 දින මුහුදු මට්ටමේ සිට මීටර් 4,600 ක උසකින් යුතු ” අමාඩබ්ලම් ” ( Amadablam ) කදු මුදුන තරණය කර තිබේ .
ඉන් අනතුරුව මුහුදු මට්ටමේ සිට මීටර් 5,080 ක උසකින් පිහිටි ” නාගරගස්චූන් ” ( Nangkartshang Peak ) කදු මුදුන 04/13 දින තරණය කර තිබේ.
ඉන්පසුව 04/15 දින මුහුදු මට්ටමේ සිට මීටර් 5,364 ක උසකින් පිහිටි ” එවරස්ට් මූලික කදවුර ” ( Everest Base Camp ) වෙත පැමිණ තිබේ .
ඔවුන් 04/16 දින මුහුදු මට්ටමේ සිට මීටර් 5,550 ක උසකින් පිහිටි ” කලපතාර් ” කදු මුදුන තරණය කිරීමට සමත්ව තිබේ .

මෙන්ඩිස් සමාගම ඉල්ලූ සහනය අධිකරණය ඉවත දමයි
සාගරිකා වාද්දූවේදී පීලි පනී
අද කාලගුණ නිවේදනය
මැයි 02 වනදාට යෙදී තිබූ රජයේ නිවාඩුව සංශෝධනය කරමින් ගැසට්ටුවක්
සරම්ප රෝගය හිස එසවීමේ අවදානමක්? සෞඛ්‍ය අංශ වෙතින් දැනුම්දීමක්
ඩොලර් මිලියන 2.5ක ගැන මුදල් අමාත්‍යාංශ ලේකම්ගෙන් පැහැදිලි කිරීමක්
විගමනික ප්‍රේෂණ වාර්තාගත ලෙස ඉහළට
උසස් පෙළ අයදුම්පත් භාර ගැනීම ගැන විශේෂ දැනුම්දීමක්
ඇමති ලාල් කාන්තගෙන් තවත් මාධ්‍ය ආයතනයකට එරෙහිව CIDයට පැමිණිල්ලක්
13 හැවිරිදි පිරිමි දරුවෙක් අතුරුදහන්! සොයා ගැනීමට මහජන සහය පතයි!
වාහන හිමිකරුගේ නම යෙදූ අංක තහඩු දෙන්න සැරසෙයි
සීනි, පරිප්පු, අල, ලූනු ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක මිල පරාසයන් නිකුත් කරයි