Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

එවරස්ට් කඳු පන්තියේ ‘කලපතාර්’ තරණය කළ ශ්‍රී ලාංකික පිය පුතු දෙපළ දිවයිනට

20 minutes ago

හිමාල කඳු පන්තියේ එවරස්ට් කලාපයට අයත් “කලපතාර්” (Kalapatthar Peak) ඇතුළු කඳු මුදුන් කිහිපයක් සාර්ථකව තරණය කළ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ඊයේ(23) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

මෙලෙස ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයට රැගෙන ගිය කණ්ඩායමට ඇතුළත් වූයේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන බාලදක්ෂයෙකු වන සවිනිදු හසරංග සහ ඔහුගේ පියා වන එම විද්‍යාලයේම ආදි ශිෂ්‍ය දිනේෂ් ජයවර්ධන මහතායි.

ඔවුන් මෙම කදු තරණය කිරීම සඳහා ඉකුත් 04/05 දින ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබූ අතර 04/12 දින මුහුදු මට්ටමේ සිට මීටර් 4,600 ක උසකින් යුතු ” අමාඩබ්ලම් ” ( Amadablam ) කදු මුදුන තරණය කර තිබේ .

ඉන් අනතුරුව මුහුදු මට්ටමේ සිට මීටර් 5,080 ක උසකින් පිහිටි ” නාගරගස්චූන් ” ( Nangkartshang Peak ) කදු මුදුන 04/13 දින තරණය කර තිබේ.

ඉන්පසුව 04/15 දින මුහුදු මට්ටමේ සිට මීටර් 5,364 ක උසකින් පිහිටි ” එවරස්ට් මූලික කදවුර ” ( Everest Base Camp ) වෙත පැමිණ තිබේ .

ඔවුන් 04/16 දින මුහුදු මට්ටමේ සිට මීටර් 5,550 ක උසකින් පිහිටි ” කලපතාර් ” කදු මුදුන තරණය කිරීමට සමත්ව තිබේ .

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *