දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (24) පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. මීට අමතරව, දකුණු පළාතේ සහ කළුතර දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවලට උදෑසන කාලයේදී ද වැසි ඇති වීමේ හැකියාවක් පවතී.
ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ඇති විය හැකි බැවින්, ඉන් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

මෙන්ඩිස් සමාගම ඉල්ලූ සහනය අධිකරණය ඉවත දමයි
සාගරිකා වාද්දූවේදී පීලි පනී
එවරස්ට් කඳු පන්තියේ ‘කලපතාර්’ තරණය කළ ශ්‍රී ලාංකික පිය පුතු දෙපළ දිවයිනට
මැයි 02 වනදාට යෙදී තිබූ රජයේ නිවාඩුව සංශෝධනය කරමින් ගැසට්ටුවක්
සරම්ප රෝගය හිස එසවීමේ අවදානමක්? සෞඛ්‍ය අංශ වෙතින් දැනුම්දීමක්
ඩොලර් මිලියන 2.5ක ගැන මුදල් අමාත්‍යාංශ ලේකම්ගෙන් පැහැදිලි කිරීමක්
විගමනික ප්‍රේෂණ වාර්තාගත ලෙස ඉහළට
උසස් පෙළ අයදුම්පත් භාර ගැනීම ගැන විශේෂ දැනුම්දීමක්
ඇමති ලාල් කාන්තගෙන් තවත් මාධ්‍ය ආයතනයකට එරෙහිව CIDයට පැමිණිල්ලක්
13 හැවිරිදි පිරිමි දරුවෙක් අතුරුදහන්! සොයා ගැනීමට මහජන සහය පතයි!
වාහන හිමිකරුගේ නම යෙදූ අංක තහඩු දෙන්න සැරසෙයි
සීනි, පරිප්පු, අල, ලූනු ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක මිල පරාසයන් නිකුත් කරයි