ගෙවීම් පැහැර හැර තිබෙන හිඟ වැට් බදු මුදල් නියමිත පරිදි ගෙවා අවසන් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂවරුන්ට නියෝග කරනු ලැබුවා.
අදාල බදු මුදල් ගෙවීම සඳහා සහනයක් ලබා දෙන ලෙස එම සමාගම කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ විත්තිකරුවන්ට මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේ 2016-2017 වර්ෂවලට අදාළව ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම නොගෙවා පැහැර හැර ඇතැයි සඳහන් රුපියල් මිලියන 996 ක බදු මුදලක් අයකර ගැනීම සඳහා දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් පැවරූ නඩුව කැඳවූ අවස්ථාවේදීයි.
මෙම නඩුකරය කැඳවූ අවස්ථාවේදී අදාල සමාගමේ අධ්‍යක්ෂවරයකු වන විත්තිකාර අර්ජුන් ඇලෝසියස් අධිකරණයේ පෙනී සිටියා.
විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවා දායකයාගේ සමාගමට අයත් මත්පැන් නිෂ්පාදන බලපත්‍ර සුරා බදු දෙපාර්තමේන්තු මගින් අත්හිටුවා ඇතැයි සඳහන් කළා.
එමෙන්ම මත්පැන් නිෂ්පාදනාගාර වෙන්දේසි කිරීමට බැංකු සූදානමින් සිටින බවත් ඔහු පැවසුවා.
එම නිසා හිඟ බදු වාරික ගෙවීම සඳහා මූල්‍ය දුෂ්කරතා පවතින බවත් ඔහු පෙන්වා දුන්නා.
එම නිසා දැනට ගෙවීමට නියම කර තිබෙන බදු වාරික සංශෝධනය කර ගෙවීමට අවසර දෙන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එම අවස්ථාවේදී දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා, අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාල සමාගම විසින් ගෙවීම පැහැර හල බදු අයකර ගැනීම සඳහා එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ට එරෙහිව නඩු පහක් ගොනුකර තිබෙන බව පෙන්වා දුන්නා.
එක් නඩුවක හිඟ බදු මුදල් ගෙවීම පැහැර හැරීම නිසා අදාල සමාගමේ අධ්‍යක්ෂකවරුන්ට අධිකරණය මගින් සිර දඬුවම් නියම කළ බවත් නීතිඥවරයා සඳහන් කළා.
ඒ අනුව දැනට නියම කර තිබෙන පරිදි බදු වාරික ගෙවන ලෙස විත්තිකරුවන්ට නියෝග නිකුත් කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා විත්තිකාර සමාගම විසින් බදු ගෙවිය යුතු කාලය දැනටමත් ඉක්මවා ගොස් තිබෙන නිසා අදාල බදු මුදල් නියම කර තිබෙන පරිදි ගෙවීමට පියවර ගන්නා ලෙස නියෝග කළා.
මෙම කටයුතු වල ප්‍රගතිය මැයි මස 25 වන දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කෙරුණා.

දන්සැල් සඳහා සෞඛ්‍ය අංශ වෙතින් මාර්ගෝපදේශ මාලාවක්
ඉදිරි දිනවල කාලගුණය සම්බන්ධයෙන් නිවේදනයක්
බොරතෙල් මිල යළි ඉහළට
යෝෂිතගේ නඩුව කල්යයි
සාගරිකා වාද්දූවේදී පීලි පනී
එවරස්ට් කඳු පන්තියේ ‘කලපතාර්’ තරණය කළ ශ්‍රී ලාංකික පිය පුතු දෙපළ දිවයිනට
අද කාලගුණ නිවේදනය
මැයි 02 වනදාට යෙදී තිබූ රජයේ නිවාඩුව සංශෝධනය කරමින් ගැසට්ටුවක්
සරම්ප රෝගය හිස එසවීමේ අවදානමක්? සෞඛ්‍ය අංශ වෙතින් දැනුම්දීමක්
ඩොලර් මිලියන 2.5ක ගැන මුදල් අමාත්‍යාංශ ලේකම්ගෙන් පැහැදිලි කිරීමක්
විගමනික ප්‍රේෂණ වාර්තාගත ලෙස ඉහළට
උසස් පෙළ අයදුම්පත් භාර ගැනීම ගැන විශේෂ දැනුම්දීමක්