මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පාර්ශ්වයන්ට මරණ දඬුවම ලබා දීම සඳහා “රටම එකට ජාතික” මෙහෙයුම් මධ්‍යස්ථානයේ අවධානය යොමු වීම පිළිබඳව අද (11) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අවධානය යොමුවිය.
එහිදී මේ සම්බන්ධව අදහස් දක්වමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ මරණ දඬුවම සම්බන්ධව මෙම යෝජනාව සම්බන්ධව තවම අවසන් නිගමනයක් ගෙන නොමැති බවය.
රටම එකට ජාතික මෙහෙයුම් සභාවේදී මේ පිළිබඳව ඇතැම් පාර්ශ්වයන්ගෙන් ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබා දිය යුතු බවට යෝජනා ඉදිරිපත් වූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ සම්බන්ධව ඉදිරියේදී තීරණය කරන බවද සඳහන් කළේය.
“මේ ප්‍රශ්නය ගැන බරපතළකම ගැන සාකච්ඡා කිරීමේදී සමහර පාර්ශ්වයන්ගෙන් ආපු යෝජනාවක්, අදහසක්. එක කෙසේද කරන්නේ කොහොමද කරන්නේ කියන එක ගැන අවසාන නිගමනයක් හෝ එකඟතාවයක් තවම නෑ. පාතාලය, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු මේවාත් එක්ක සිදුවන ක්‍රියාවලිය පිළිබඳව කතා බහ කිරීමේදී එක එක පාර්ශ්වයන් පිළිබඳව කරන යෝජනාවක් පමණයි.”

ගුරු විදුහල්පති ඇතුළු සියලු රාජ්ය සේවකයින්ගේ වැටුප් ඉහළට
මහේස්ත්රාත්වරයෙක් තනතුරෙන් නෙරපයි
පොහොට්ටුව හා අත අතර විශේෂ හමුවක්
ජනපති රාජ්ය සේවකයන්ගෙන් කළ ඉල්ලීම
ශිරන්ති අක්ෂි රෝහලෙන් රැගෙන යයි
ඥානසාර හිමිට පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50ක පෙත්සමක්
නාගොඩ අවන්හලක් ඉදිරිපිට වෙඩිතැබීමක්! අවන්හලේ හිමිකරු මරුට! බිරිඳට තුවාල!
ශිරන්ති රාජපක්ෂ අද ඇස් රෝහලට
අද කාලගුණ නිවේදනය
බාලවයස්කාර ගැහැණු දරුවන් 6 දෙනෙකු අපයෝජනය කළ නාඔටුන්නේ විජිත හිමිට වසර 13ක සිරදඬුවමක්
BYD, කුඩා පරිමාණ වාහන වෙළෙඳපොළට පිවිසෙමින් RACCO ජපන් වාහන වෙළෙඳපොලට හඳුන්වා දෙයි
රාජපක්ෂවරු ඇතුළු හිටපු ප්රබලයින් 50කගේ නඩු ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට