Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වාහනය අවභාවිත කළ හිටපු ඇමති ෆවුසි පුවත්පත් දැන්වීමකින් ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ගනී

1 day ago

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අයත් සුඛෝපභෝගී වාහනයක් අවභාවිත කිරීමේ සිද්ධියට අදාළව අධිකරණ නියෝගය අනුව, හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි විසින් පුවත්පත් දැන්වීමක් පළ කරමින් ශ්‍රී ලංකික ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා තිබෙනවා.

තීන්දුවට යටත්ව අදාළ කටයුතු සිදු කරමින් හිටපු අමාත්‍යවරයා මෙම ප්‍රසිද්ධ සමාව අයැදීම සිදු කර ඇති අතර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත පැවරී තිබූ WP KI-4666 දරන ටොයෝටා ලෑන්ඩ් කෲසර් රථය සිය පෞද්ගලික ප්‍රයෝජනය සඳහා අවභාවිත කිරීම මඟින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර තීන්දු කරනු ලැබුවා.

එමෙන්ම, ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 66 ක මුදලක් වන්දි වශයෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ගෙවන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා නියෝග කරනු ලැබූ අතර, අදාළ අධිකරණ නියෝගය හා නඩු තීන්දුවට අනුකූලව හිටපු අමාත්‍යවරයා මෙලෙස පුවත්පත් දැන්වීමක් මඟින් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටීමට පියවර ගෙන තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *