ශ්‍රී ලංකාව නියෝජනය කරමින්, 2027 ඇකඩමි සම්මාන උළෙලේ අන්තර්ජාතික වෘත්තාන්ත චිත්‍රපට කාණ්ඩයට (International Feature Film) ඉදිරිපත් කරන සිනමා නිර්මාණය ලෙස ‘රිවර්ස්ටන්’ (Riverston) චිත්‍රපටය තෝරාගෙන තිබෙනවා.
නිලන්ත පෙරේරා සහ ලලිත් රත්නායකගේ තිර රචනයකට අනුව ලලිත් රත්නායක විසින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය, නිමන්ති පෝරගේ සහ ප්‍රභාත් රෝෂණ නිෂ්පාදනය කළ අතර, මහේන්ද්‍ර පෙරේරා, ශ්‍යාම් ප්‍රනාන්දු, ප්‍රියන්ත සිරිකුමාර, රන්දික ගුණතිලක සහ ආනන්ද කුමාර ඇතුළු පිරිසක් ඊට රංගනයෙන් දායක වුණා.
ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ මැදිහත්වීමෙන් පිහිටුවා ඇති, ඇමෙරිකා එක්සත් ජනපදයේ චිත්‍රපට කලා හා විද්‍යා ඇකඩමියේ අනුමැතිය හිමි ශ්‍රී ලංකා ජාතික ඔස්කාර් තේරීම් කමිටුව (NOSCSL) විසින් 99 වැනි ඇකඩමි සිනමා සම්මාන උළෙල නියෝජනය කිරීම සඳහා මෙම සිනමාපටය තෝරාගෙන ඇති බවයි සඳහන් වන්නේ.
වසර 100කට ආසන්න ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසය තුළ රාජ්‍ය මට්ටමින් ඔස්කාර් සම්මාන උළෙල සඳහා මේ දක්වා නිල වශයෙන් චිත්‍රපටයක් ඉදිරිපත් කර නොමැති බවත්, මෙම ලැබෙන අවස්ථාව ලාංකීය සිනමා ඉතිහාසයේ ඓතිහාසික අවස්ථාවක් වනු ඇති බවයි රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව සඳහන් කර සිටියේ.

සජිත් ප්‍රේමදාස රජයෙන් කළ ඉල්ලීම
ශෂී වීරවංශගේ නඩුවට අධිකරණයෙන් අද ලැබුණු නියෝගය
රත්ගම වෙඩිතැබීමක්
ලංකාවේ බලාපොරොත්තුව මල්ඵල දරයි! රුමේෂ්ට රන් පදක්කම හිමිවෙයි!
ක්‍රිෂ් ගනුදෙනු නඩුවේ සිව්වැනි විත්තිකරු ලෙස නාමල් නම් කෙරේ
හෙට සිට මාර්ග 7ක් ඔස්සේ නව මෙට්‍රෝ බස් රථ 104ක් ධාවනයට
විරාට් කෝලි ක්‍රිකට් වාර්තා පොත් අලුත් කරයි
චාමික කරුණාරත්න අත්අඩංගුවට ගැනීමට වරෙන්තු
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
යෝෂිතගේ නඩුවක් කැඳවීමට දින දෙයි
ඇමති විජිත අද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතයි
බද්දේගම මහපාරේ පන්න පන්නා කළ වෙඩි තැබිල්ලෙලෙන් ‘කළු නෝනා’ට දිවි අහිමි වෙයි (වීඩියෝ)