Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය දින නියමයක් නොමැතිව කල්යයි

7 hours ago

ඉදිරි සතියේ පාර්ලිමේන්තු කටයුතු තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (16) රැස්වූ අතර, එහිදී කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය විය.

යෝජනාවේ කරුණු 50ක් අඩංගු බැවින් එක් දිනයක් ප්‍රමාණවත් නොවන බව විපක්ෂය පෙන්වා දුන් අතර, යෝජනාවේ ඇති තාක්ෂණික ගැටළු කිහිපයක් හේතුවෙන් ඒ පිළිබඳ නීතිපතිවරයාගේ මතය විමසිය යුතු බව ආණ්ඩු පක්ෂය ප්‍රකාශ කළේය.

ඒ සඳහා යම් කාලයක් ගත වන බැවින් ඉදිරි පාර්ලිමේන්තු සතියේදී එය විවාදයට ගැනීමට නොහැකි වී ඇති අතර, නීතිපති උපදෙස් ලැබීමෙන් පසු විවාදය පවත්වන දිනය තීරණය වන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *