Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සත්ව ලෝලීන් කම්පාවට පත් කරමින් අසාධ්‍ය තත්ත්වයෙන් කුඹුරක ඇද වැටී සිටින ‘කාවන්තිස්ස’

7 hours ago

සියඹලන්ගමුව වනජීවී කලාපයට අයත් ප්‍රදේශයක කුඹුරක ඇද වැී සිටින ‘කාවන්තිස්ස’ ඇතා බේරාගැනීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂඥ පශු වෛද්‍ය කණ්ඩායම් පැය 24 පුරා ප්‍රතිකාර කටයුතුවල නිරතව සිටිති.

ඊයේ දිනයේදී ප්‍රතිකාර කළ ස්ථානයේ සිට කිලෝමීටර් දෙකක පමණ දුරක් ගමන් කිරීමෙන් අනතුරුව ඇතා මෙලෙස කුඹුරක ඇද වැටී ඇති අතර, සේලයින් සහ අත්‍යවශ්‍ය ඖෂධ ලබාදෙමින් කායික තත්ත්වය ස්ථාවර කිරීමට කටයුතු කරමින් පවතී.

ප්‍රතිකාර කරන ස්ථානය අවට විශාල පිරිසක් රැස්වීම නිසා ඇතාට මානසික ආතතියක් ඇතිවිය හැකි බැවින්, අනවශ්‍ය ලෙස එම ප්‍රදේශයට රැස්වීමෙන්, ශබ්ද නැගීමෙන් සහ ඩ්‍රෝන කැමරා භාවිතයෙන් සම්පූර්ණයෙන්ම වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *