ක්රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ සහ ක්රිෂ් සමාගමේ හිටපු අධ්යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන තවදුරටත් ලබන 23 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියම කළේය.
මෙම නඩුකරය අද (16) කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී රිමාන්ඩ් භාරයේ පසුවන නාමල් රාජපක්ෂ සහ ජානකි සිරිවර්ධන යන අයගේ ඇප ඉල්ලීම්වලට අදාළ නියෝග අද ප්රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.
ඒ අනුව නඩුකරය කැඳවූ අවස්ථාවේදීත් මහේස්ත්රත්වරයා ප්රකාශය කළේ අද දින සැකකාර ජානකී සිරිවර්ධනගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය පමණක් ප්රකාශයට පත් කරන බවය.
සැකකාර නාමල් රාජපක්ෂ මහතාට අදාළ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය තමන්ට සූදානම් කරගත නොහැකි වූ බව සඳහන් කළ මහේස්ත්රාත්වරයා එම නියෝගය ඊළඟ දින ප්රකාශයට පත්කරන බවත් සඳහන් කළේය.
ඉන් අනතුරුව සැකකාර ජානකී සිරිවර්ධනගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ප්රකාශයට පත් කළ ප්රධාන මහේස්ත්රාත්වරයා “දූෂණ විරෝධී පනතේ 149 වන වගන්තිය ප්රකාරව ඇප ප්රදානය කිරීම සඳහා සුවිශේෂී කරුණු අධිකරණය හමුවේ තෘප්ත කළ යුතුයි. නමුත් මෙම සැකකාරිය සම්බන්ධයෙන් ඇප ඉල්ලීම්වලට අදාළව ඉදිරිපත් වූ කරුණු වලින් අදාළ නීතිමය ප්රතිපාදන තෘප්ත කළ හැකි කරුණු ඉදිරිපත් නෑ” ඒ අනුව සැකකාරියගේ ඇප ඉල්ලීම ප්රතික්ෂේප කරන බවත් මහේස්ත්රාත්වරයා සඳහන් කළේය.
ඒ අනුව සැකකාර ජානකී සිරිවර්ධන සහ නාමල් රාජපක්ෂ යන අය ලබන 23 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමටද මහේස්ත්රත්වරයා නියම කළේය.
එදින සැකකාර නාමල් රාජපක්ෂ මහතාගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය අධිකරණය විසින් ප්රකාශයට පත් කිරීමට නියමිතව ඇත.
ක්රිෂ් සමාගමේ කටයුතුවලට අදාළව රුපියල් මිලියන 70ක මුදලක් අල්ලස් වශයෙන් ලබාදීම සහ ලබාගැනීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

රජරට විශ්වවිද්යාලයේ සිසුන් 316කට හෙට නොමිලේ ඇස් කණ්ණාඩි
ගෝඨා විදෙස්ගතවීමට අවසර ඉල්ලයි
කාන්තා තුන්කොන් ක්රිකට් සටනේ ජයග්රහණය ශ්රී ලංකාවට
කෝටි 8කට අධික මුදල් හා දේපළ ක්රියාවිරහිත කරයි
ශිරන්ති රාජපක්ෂට බයිපාස් සැත්කමක් අවශ්ය බවට වෛද්ය වාර්තාවක්
ගාලුමුවදොර අසල මාර්ගයේ සවිකර තිබූ තාවකාලික අට්ටාල ඉවත් කරගනී
කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය දින නියමයක් නොමැතිව කල්යයි
සත්ව ලෝලීන් කම්පාවට පත් කරමින් අසාධ්ය තත්ත්වයෙන් කුඹුරක ඇද වැටී සිටින ‘කාවන්තිස්ස’
නාමල් රාජපක්ෂ අධිකරණයට
අද කාලගුණ නිවේදනය
Facebook එකේ වාහන දැන්වීම් දාද්දි කල්පනාවෙන්! මේ ගැනත් දැනගන්න!
යේමනයේ ජනාධිපති මන්දිරයට මිසයිල ප්රහාරයක්! 5ක් මරුට!