දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්ය ප්රසන්න රණතුංග මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල ජනවාරි මස 26 වෙනිදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියම කර ඇති බවට වාර්තා වී තිබෙනවා.
මෙම නඩුකරය අද (20) කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.
එම අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින සැකකාර ප්රසන්න රණතුංග මහතා අධිකරණය හමුවේ පෙනී සිටියා.
ඒ අනුව එම නඩුකරය නැවත ජනවාරි මස 26 වෙනිදා කැඳවීමට නියම කළ මහේස්ත්රාත්වරයා එදිනට විමර්ශනවල ප්රගතිය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් අල්ලස් කොමිසමට නියෝග කළා.
සංචාරක අමාත්යවරයා වශයෙන් කටයුතු කළ අවධියේදී සංචාරක අධිකාරිය ඇතුළු ආයතන 4ක සේවකයින්ට රක්ෂාණාවරණ ලබාදීමේදී රජයට පාඩුවක් සිදු කළ බවට සැකපිට ප්රසන්න රණතුංග මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ යුවළකට වැඩ වරදී
පැය 42ක ජල කප්පාදුවක් – කැපෙන තැන් මෙන්න
නාමල්ගේ පෞද්ගලික ලේකම්ට ඇප හිමිවූ නඩුවේ සම්පූර්ණ කතාව
මොරටුවේ වෙඩි තැබීමක්
ගල්අඟුරු ගනුදෙනු විමර්ශනය කරන ජනපති කොමිසමේ කාලය දීර්ඝ කෙරේ
බොරැල්ල ප්රදේශයේ මාර්ග අවහිරතාවක් හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසියෙන් දැනුම්දීමක්
නාමල් රාජපක්ෂගේ ලේකම්ට ඇප
පාසල් සිසුන්ට අලුතින් ප්රතිලාභ රැසක්
ජී.එල්. අල්ලස් කොමිසමෙන් පිටව යයි
හිටපු නියෝජ්ය අමාත්ය සරණ ගුණවර්ධනගේ බිරිඳ ඇතුළු දෙදෙනා යළිත් රිමාන්ඩ්
කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ බවට අත්අඩංගුවට ගත් රාජ්ය නිලධාරියාගේ බිරිඳගෙන් සාධාරණය ඉල්ලා ආයාචනයක්
ලිට්රෝ ගෑස් ගැන දැනුම්දීමක්