2026/2027 වර්ෂය සඳහා ක්රියාත්මක සුරක්ෂා සිසු රක්ෂණාවරණ වැඩසටහනට නව ප්රතිලාභ රැසක් එක් කිරීමට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව, කර්ණශංඛ උපකරණ අලුත්වැඩියාව සඳහා රුපියල් 75,000ක් දක්වා ප්රතිලාභ ලබාදීමටත්, නිදන්ගත රෝග සඳහා දීර්ඝකාලීනව ඖෂධ ලබාගන්නා සිසුන්ට රුපියල් 20,000ක් දක්වා ප්රතිලාභ ලබාදීමටත් පියවර ගෙන ඇත.
එමෙන්ම, සමේ පිළිකා හඳුනාගැනීම ඇතුළු නම් කර ඇති විශේෂ රෝග පරීක්ෂණ සඳහා රුපියල් 20,000ක් දක්වා ප්රතිලාභ ලබාදීමට ද යෝජනා කර තිබේ.
අසාධ්ය රෝග කාණ්ඩය යටතේ ආවරණය වන ප්රතිලාභ ද පුළුල් කර ඇති අතර, පිළිකා ප්රතිකාර හා ඊට අදාළ පරීක්ෂණ, PET Scan පරීක්ෂණ සහ හදිසි අනතුරු හේතුවෙන් සිදුකරන ඇතැම් සන්ධි ප්රතිස්ථාපන ශල්යකර්ම සඳහා වැයවන වියදම් ද ඊට ඇතුළත් කර ඇත.
තවද, අධ්යාපන අමාත්යාංශය යටතේ පවතින ආයතන මගින් සංවිධානය කරනු ලබන අධ්යාපන චාරිකා, ක්රීඩා උත්සව ඇතුළු ක්රියාකාරකම් අතරතුර සිදුවන හදිසි අනතුරු හේතුවෙන් සිසු ජීවිත හානි සිදුවුවහොත් රුපියල් 100,000ක ප්රතිලාභයක් ලබාදීමට ද ප්රතිපාදන සලසා තිබේ.
2026 සැප්තැම්බර් 1 වනදා සිට 2027 අගෝස්තු 31 වනදා දක්වා කාලසීමාවට අදාළව මෙම නව ප්රතිලාභ ඇතුළත් කර සුරක්ෂා සිසු රක්ෂණාවරණ වැඩසටහන ක්රියාත්මක කිරීමට නියමිතය.
රජයේ පාසල්, රජයේ අනුමත පෞද්ගලික පාසල්, පිරිවෙන් සහ උපකෘත විශේෂ පාසල්වල ඉගෙනුම ලබන සිසුන්ට මෙම වැඩසටහන යටතේ ප්රතිලාභ හිමිවේ.

විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ යුවළකට වැඩ වරදී
පැය 42ක ජල කප්පාදුවක් – කැපෙන තැන් මෙන්න
නාමල්ගේ පෞද්ගලික ලේකම්ට ඇප හිමිවූ නඩුවේ සම්පූර්ණ කතාව
මොරටුවේ වෙඩි තැබීමක්
ගල්අඟුරු ගනුදෙනු විමර්ශනය කරන ජනපති කොමිසමේ කාලය දීර්ඝ කෙරේ
බොරැල්ල ප්රදේශයේ මාර්ග අවහිරතාවක් හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසියෙන් දැනුම්දීමක්
ප්රසන්න රණතුංගගේ නඩුව කල් යයි
නාමල් රාජපක්ෂගේ ලේකම්ට ඇප
ජී.එල්. අල්ලස් කොමිසමෙන් පිටව යයි
හිටපු නියෝජ්ය අමාත්ය සරණ ගුණවර්ධනගේ බිරිඳ ඇතුළු දෙදෙනා යළිත් රිමාන්ඩ්
කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ බවට අත්අඩංගුවට ගත් රාජ්ය නිලධාරියාගේ බිරිඳගෙන් සාධාරණය ඉල්ලා ආයාචනයක්
ලිට්රෝ ගෑස් ගැන දැනුම්දීමක්