ලබන වසරේ මාර්තු 20 වන දිනට පෙර ඡන්දයක් පැවැත්වීමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසම පවසනවා.
පළාත් පාලන ආඥා පනත අනුව මැතිවරණ ඡන්ද විමසීම සම්බන්ධයෙන් ලබන 20 වන දිනෙන් පසුව කොමිසමට බලය හිමි වන බවයි එහි සභාපති නීතීඥ නිමල් ජී.පුංචිහේවා සඳහන් කරන්නේ.
ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු මැතිවරණ කොමිසමේ සභාපතිවරයා,
“පළාත් පාලන මැතිවරණය වසරක් කල්දාලා තියෙනවා. කොහොම වුණත් මැතිවරණ පිළිබඳ තේරීම් කාරක සභාවේ ඉල්ලපු එකක් තමයි, අමාත්‍යවරයාට තියෙන බලය කොමිසමට තිබිය යුතුයි කියලා. මොකද අමාත්‍යවරයෙකු ඒක ක්‍රියාත්මක කිරීමේ දී කොතරම් හොඳ හේතුවක් මත එය ක්‍රියාත්මක කරත් සමහර විට දේශපාලන හේතුවක් මත ක්‍රියාත්මක කරනවා කියලා පෙනී යන්න පුළුවන්. කොහොම නමුත් ඒක දැන් කල්දාලා තියෙනවා ලබන මාර්තු 20ට. පළාත් පාලන ආඥා පනත අනුව ඡන්ද විමසීම සැප්තැම්බර් 20න් පසුව කොමිසමට බලය එනවා. එතකොට මාර්තු 20ට කලින් මැතිවරණයක් තැබීමේ හැකියාව කොමිසම් සභාවට තියෙනවා. ඒක තියද්දි අවධාරණයට ගන්න කාරණා දෙකක් තියෙනවා. ඡන්ද හිමි නාමලේඛනය 2022 දී සහතික කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔක්තෝබර් 31. පරිපූරක එක සහතික කරන්න බලාපොරොත්තු වෙන්නේ නොවැම්බර් 11. මේක දෙක සහතික කරන්න පෙර අපි ඡන්දයක් ප්‍රකාශයට පත් කළොත් 2021 ඡන්ද නාමලේඛනය වලංගු වෙන්නේ. ඒ නිසා ඒ දිනත් බලලා ඡන්දයක් ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා. මාර්තු 20ට පෙර ඡන්දයක් පැවැත්විය යුතුයි කියලා අපේක්ෂාව කොමිසමේ තියෙනවා.”

වාහන හිමියන්ට විශේෂ නිවේදනයක්
ඩීසල් ලීටරයක මිල රුපියල් 600ක් කළ යුතුයි – ධනනාත් ප්‍රනාන්දු
ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි
ඉන්ධන මිල සංශෝධනයක්? ඛනිජ තෙල් සංස්ථාවෙන් නිවේදනයක්
ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
සරණගේ නඩුවල තීන්දු කල්යයි
රජයේ විශ්‍රාම වැටුප් නැති අයටත් විශ්‍රාම වැටුප් ගන්න අවස්ථාවක්
සටන් විරාමය අස්ථාවර කරමින් ඇමෙරිකාවෙන් දකුණු ඉරානයට ප්‍රහාර
හිටපු නියෝජ්‍ය ඇමති සරණට එරෙහි තීරණාත්මක නඩු තීන්දු හතරක් අද
මෙනින්ජිටිස් ව්‍යාප්තිය පාලනයට වසංගත රෝග විද්‍යායතනයෙන් විශේෂ උපදෙස් මාලාවක්
ගුරු පත්වීම් ගැන විශේෂ සාකච්ඡාවක් අද
රැවටෙන්න එපා! ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලයි!