ලබන වසරේ මාර්තු 20 වන දිනට පෙර ඡන්දයක් පැවැත්වීමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසම පවසනවා.
පළාත් පාලන ආඥා පනත අනුව මැතිවරණ ඡන්ද විමසීම සම්බන්ධයෙන් ලබන 20 වන දිනෙන් පසුව කොමිසමට බලය හිමි වන බවයි එහි සභාපති නීතීඥ නිමල් ජී.පුංචිහේවා සඳහන් කරන්නේ.
ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු මැතිවරණ කොමිසමේ සභාපතිවරයා,
“පළාත් පාලන මැතිවරණය වසරක් කල්දාලා තියෙනවා. කොහොම වුණත් මැතිවරණ පිළිබඳ තේරීම් කාරක සභාවේ ඉල්ලපු එකක් තමයි, අමාත්‍යවරයාට තියෙන බලය කොමිසමට තිබිය යුතුයි කියලා. මොකද අමාත්‍යවරයෙකු ඒක ක්‍රියාත්මක කිරීමේ දී කොතරම් හොඳ හේතුවක් මත එය ක්‍රියාත්මක කරත් සමහර විට දේශපාලන හේතුවක් මත ක්‍රියාත්මක කරනවා කියලා පෙනී යන්න පුළුවන්. කොහොම නමුත් ඒක දැන් කල්දාලා තියෙනවා ලබන මාර්තු 20ට. පළාත් පාලන ආඥා පනත අනුව ඡන්ද විමසීම සැප්තැම්බර් 20න් පසුව කොමිසමට බලය එනවා. එතකොට මාර්තු 20ට කලින් මැතිවරණයක් තැබීමේ හැකියාව කොමිසම් සභාවට තියෙනවා. ඒක තියද්දි අවධාරණයට ගන්න කාරණා දෙකක් තියෙනවා. ඡන්ද හිමි නාමලේඛනය 2022 දී සහතික කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔක්තෝබර් 31. පරිපූරක එක සහතික කරන්න බලාපොරොත්තු වෙන්නේ නොවැම්බර් 11. මේක දෙක සහතික කරන්න පෙර අපි ඡන්දයක් ප්‍රකාශයට පත් කළොත් 2021 ඡන්ද නාමලේඛනය වලංගු වෙන්නේ. ඒ නිසා ඒ දිනත් බලලා ඡන්දයක් ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා. මාර්තු 20ට පෙර ඡන්දයක් පැවැත්විය යුතුයි කියලා අපේක්ෂාව කොමිසමේ තියෙනවා.”

ගුරු විදුහල්පති ඇතුළු සියලු රාජ්ය සේවකයින්ගේ වැටුප් ඉහළට
මහේස්ත්රාත්වරයෙක් තනතුරෙන් නෙරපයි
පොහොට්ටුව හා අත අතර විශේෂ හමුවක්
ජනපති රාජ්ය සේවකයන්ගෙන් කළ ඉල්ලීම
ශිරන්ති අක්ෂි රෝහලෙන් රැගෙන යයි
ඥානසාර හිමිට පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50ක පෙත්සමක්
නාගොඩ අවන්හලක් ඉදිරිපිට වෙඩිතැබීමක්! අවන්හලේ හිමිකරු මරුට! බිරිඳට තුවාල!
ශිරන්ති රාජපක්ෂ අද ඇස් රෝහලට
අද කාලගුණ නිවේදනය
බාලවයස්කාර ගැහැණු දරුවන් 6 දෙනෙකු අපයෝජනය කළ නාඔටුන්නේ විජිත හිමිට වසර 13ක සිරදඬුවමක්
BYD, කුඩා පරිමාණ වාහන වෙළෙඳපොළට පිවිසෙමින් RACCO ජපන් වාහන වෙළෙඳපොලට හඳුන්වා දෙයි
රාජපක්ෂවරු ඇතුළු හිටපු ප්රබලයින් 50කගේ නඩු ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට