ළමා නිවාසයක සිට බස් රථයකින් පාසලට පැමිණෙන කිළිනොච්චියේ සිසුවෙකු පාසලට පැමිණීමට ප්‍රමාදවීම නිසා විදුහල්පතිවරයා පහරදීමෙන් තුවාල ලබා 31 දා කිළිනොච්චිය රෝහලට ඇතුළත් කොට තිබේ.
මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ කිළිනොච්චිය පාසලේ 8 වන පන්තියේ සිසුවකු වන අතර එම සිසුවාගේ දෙමව්පියන් හා ඥාතීන් සිද්ධිය සම්බන්ධයෙන් කිළිනොච්චිය අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලයට හා පොලීසියට පැමිණිලි කොට තිබේ.
පහරකැමට ලක් වූ සිසුටාගේ පියා ප්‍රකාශ කළේ තම පවුලේ ඇති ආර්ථික අපහසුකම් නිසා දරුවාව බස් රථයකින් පාසලට යැවීමට නොහැකි නිසා ඔහුගේ පාසල් ගමන නතර කොට තිබියදී අසල වු ළමා නිවාසයක් පාලකවරයා විසින් තම පුතාට පාසල් යාම සඳහා ළමා නිවාසයේ බස් රථයේ අසුනක් ලබා දුන් බවය.
කෙසේ වෙතත් සිද්ධිය වූ දිනයේදී බස් රථය විනාඩි කීපයක් ප්‍රමාද වී ඇති අතර උදෑසන රැස්වීම ආරම්භ කිරීමට පෙර සිසුවා පාසලට නොපැමිණි බව කියමින් විදුහල්පතිවරයා රැස්වීම පැවත්වෙන අතරවාරයේම සිසුවාට පහර දී ඇති බවය.
විදුහල්පතිවරයාගේ පහරදීම නිසා සිසුවාගේ කම්මුල හිස හා හිසේ යටි කොටස තුවාල වී ඇති අතර කිළිනොච්චිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
තරු පහේ හෝටලයට එරෙහිව නඩු පැවරවීමට සැරසෙන බලංගොඩ කස්සප හිමි
අයවැය විවාදය පැවැත්වෙන කාලය තුළ මැති, ඇමතිවරු ඇතුළු රජයේ නිළධාරීන් පිරිසකට විදේශ සංචාර තහනමක්
අද කුඩයක් නැතිව එළියට යන්න එපා
බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි! කාලගුණයෙන් රතු නිවේදනයක්!
ලංකා IOC ඔක්ටේන් 95 පෙට්රල් මිල ඉහළ දමයි
පොලිස් සිර මැදිරියේ සිටි තරුණයෙකු මියයෑම ගැන ඥාතීන්ගෙන් පොලිසියට චෝදනා
රඹුක්කන සහ පේරාදෙණිය – ගම්පොළ අතර දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවයි
ශ්රී ලංකාවට එරෙහි පාකිස්තාන ටෙස්ට් සංචිතය නම් කෙරේ
ත්රෛනිකායික මහනාහිමිවරුන් සත්යග්රහයේ නිරත වූ මහා සංඝරත්නයට නිකුත්කළ ලිපිය
විහාරමහාදේවී උද්යානයේ සත්යග්රහය අත්හිටුවයි
කොග්ගල දුම්රිය හරස් මාර්ගයේදී බස් රථයක් දුම්රියක ගැටීමෙන් තුවාල ලැබූ ළමුන් සංඛ්යාව 10 දක්වා ඉහළට
ශ්රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට! ලක්දනවි සමාගමට ජාත්යන්තර සම්මාන 5ක්!