ළමා නිවාසයක සිට බස් රථයකින් පාසලට පැමිණෙන කිළිනොච්චියේ සිසුවෙකු පාසලට පැමිණීමට ප්‍රමාදවීම නිසා විදුහල්පතිවරයා පහරදීමෙන් තුවාල ලබා 31 දා කිළිනොච්චිය රෝහලට ඇතුළත් කොට තිබේ.
මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ කිළිනොච්චිය පාසලේ 8 වන පන්තියේ සිසුවකු වන අතර එම සිසුවාගේ දෙමව්පියන් හා ඥාතීන් සිද්ධිය සම්බන්ධයෙන් කිළිනොච්චිය අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලයට හා පොලීසියට පැමිණිලි කොට තිබේ.
පහරකැමට ලක් වූ සිසුටාගේ පියා ප්‍රකාශ කළේ තම පවුලේ ඇති ආර්ථික අපහසුකම් නිසා දරුවාව බස් රථයකින් පාසලට යැවීමට නොහැකි නිසා ඔහුගේ පාසල් ගමන නතර කොට තිබියදී අසල වු ළමා නිවාසයක් පාලකවරයා විසින් තම පුතාට පාසල් යාම සඳහා ළමා නිවාසයේ බස් රථයේ අසුනක් ලබා දුන් බවය.
කෙසේ වෙතත් සිද්ධිය වූ දිනයේදී බස් රථය විනාඩි කීපයක් ප්‍රමාද වී ඇති අතර උදෑසන රැස්වීම ආරම්භ කිරීමට පෙර සිසුවා පාසලට නොපැමිණි බව කියමින් විදුහල්පතිවරයා රැස්වීම පැවත්වෙන අතරවාරයේම සිසුවාට පහර දී ඇති බවය.
විදුහල්පතිවරයාගේ පහරදීම නිසා සිසුවාගේ කම්මුල හිස හා හිසේ යටි කොටස තුවාල වී ඇති අතර කිළිනොච්චිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
මෙනින්ජිටිස් ව්‍යාප්තිය පාලනයට වසංගත රෝග විද්‍යායතනයෙන් විශේෂ උපදෙස් මාලාවක්
ගුරු පත්වීම් ගැන විශේෂ සාකච්ඡාවක් හෙට
රැවටෙන්න එපා! ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලීමක්!
පොලී අනුපාතික ඉහළ දැමීමට මහ බැකුවෙන් තීරණයක්
අපනයන ආදායමේ සීඝ්‍ර වර්ධනයක්
උතුරේ දන්සල් පැවැත්වීමේ තහනමක්? පළ වූ පුවත ගැන ආණ්ඩුකාරවරයාගෙන් නිවේදනයක්
ශ්‍රී ලංකා එක්දින (ODI) සහ විස්සයි විස්ස කණ්ඩායම්වල වෙනසක්
විමල්ගේ බිරිඳගේ නඩුවට අධිකරණය දුන් නියෝගය
බන්ධනාගාරගත රැඳවියන්ට විශේෂ අවස්ථාවක්
විමල්ට ඇප
දිට්වා වන්දිවලින් අල්ලස් ගත් ග්‍රාමසේවක යළි රිමාන්ඩ්
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලොකු තෑග්ගක්