මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රය තුළ සැරිසරන මුවන් වෙඩිතබා ඝාතනය කර, එම මස් පිටස්තර පුද්ගලයන්ට අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ ගුවන් හමුදා නිලධාරීන් පස්දෙනෙකු (5) සහ සිවිල් වැසියන් දෙදෙනෙකු මත්තල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගුවන්තොටුපොළ භූමිය තුළදී දඩයම් කරන ලද මුව මස් පරිශ්‍රයෙන් පිටතට රැගෙන යාමට උත්සාහ කළ අවස්ථාවේදී පොලිසිය විසින් සිදුකළ විශේෂ වැටලීමකදී සැකකරුවන් මෙලෙස කොටුකර ගෙන ඇත.
අත්අඩංගුවට පත් සැකකරුවන් සමඟ දඩයම් සඳහා යොදාගත් ගිනිඅවි සහ ගුවන් හමුදාවට අයත් ජීප් රථයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සොකෝ (SOKO) පරීක්ෂණ ක්‍රියාත්මක අතර, මත්තල පොලිසිය මගින් ඉදිරි විමර්ශන සිදු කරයි.

සමගි ජන බලවේගය 24 වනදා කොළඹට
රු. 100ට වතුර බෝතලයක් විකිණූ ආපනශාලාවට ලක්ෂ 5ක දඩයක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
රූපලාවන්‍ය නිෂ්පාදන අලෙවි කළ ආයතනයකට ලක්ෂ 3ක දඩයක්
22 හැවිරිදි තරුණයාට දිවි අහිමි කළ මාරක අනතුර
විදෙස් ප්‍රේෂණ ලැබීම් ඉහළට
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ගැටෙන කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගය අද
ගම්පහදී අණ නොතකා ගිය වෑන් රථයකට පොලිසිය තැබූ වෙඩි තැබීමේ තවත් තොරතුරු රැසක්
අද කාලගුණයේ දැනෙන වෙනසක්
දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනයකට සැරසෙයි
දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය ගැන ජගත් සංවිධානයේ කනස්සල්ල
ශිරාන් බාසික්ගේ පියා රිමාන්ඩ්