දෙහිවල ප්රදේශයේ දී අත්බෝම්බ ප්රහාරයකින් දරුවන් දෙදෙනෙකු ඝාතනයට ලක්වීමේ සිද්ධිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ද අවධානය යොමුව තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක මාක් ඇන්ඩ්රේ මහතා පවසන්නේ දරු දෙදෙනෙකුට මරු කැඳවූ එම සිදුවීම තමා දැඩි කම්පනයට ලක් කළ බවය.
මෙවැනි ප්රචණ්ඩකාරී සිදුවීම්වලට සම්බන්ධ පාර්ශව ඊට පිළිතුරු ලබාදිය යුතු බව සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර තිබුණි.
දෙහිවල, සිරිසඟබෝ මාවතේ පිහිටි නිවසකට ඊයේ (11) අලුයම නාඳුනන පිරිසක් විසින් එල්ල කළ අත්බෝම්බ ප්රහාරයකින් එම නිවසේ සිටි ළමුන් දෙදෙනෙකු මියගොස් ඔවුන්ගේ පියා බරපතළ තුවාල ලබා කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කෙරිණි.
ප්රහාරය එල්ල කිරීමට සැකකරුවන් පැමිණි බවට සැකකෙරෙන ත්රිරෝද රථය ඊයේ පාදුක්ක, පහළ බෝපේ ප්රදේශයේ අත්හැර දමා ගොස් තිබියදී සොයාගත් නමුත් සැකකරුවන් පිළිබද මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.
මේ අතර මෙම බෝම්බ ප්රහාරය ඉලක්කය වැරදී එල්ල වූවක් බවට ද පොලිසිය සැක මතුව ඇත.
ප්රහාරයට ලක්ව තුවාල ලබා කළුබෝවිල රෝහලේ ප්රතිකාර ලබන, මියගිය දරුවන් දෙදෙනාගේ පියාගේ සහෝදරයාගේ නිවස ඉලක්ක කරගනිමින් එම බෝම්බ ප්රහාරය එල්ල කිරීමට අපරාධකරුවන් පැමිණ ඇති බවටත් නිවස මාරුවීමෙන් මෙම ඛේදනීය සිදුවීම සිදුව ඇති බවටත් පොලිසිය සැක පළ කරයි.
සිද්ධියෙන් මියගිය දරුවන් දෙදෙනාගේ මළ සිරුරු අද (12) පස්වරුවේ ඔවුන්ගේ ඥාති නිවෙසක් වෙත රැගෙන ආ බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

ගුරු විදුහල්පති ඇතුළු සියලු රාජ්ය සේවකයින්ගේ වැටුප් ඉහළට
මහේස්ත්රාත්වරයෙක් තනතුරෙන් නෙරපයි
පොහොට්ටුව හා අත අතර විශේෂ හමුවක්
ජනපති රාජ්ය සේවකයන්ගෙන් කළ ඉල්ලීම
ශිරන්ති අක්ෂි රෝහලෙන් රැගෙන යයි
ඥානසාර හිමිට පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50ක පෙත්සමක්
නාගොඩ අවන්හලක් ඉදිරිපිට වෙඩිතැබීමක්! අවන්හලේ හිමිකරු මරුට! බිරිඳට තුවාල!
ශිරන්ති රාජපක්ෂ අද ඇස් රෝහලට
අද කාලගුණ නිවේදනය
බාලවයස්කාර ගැහැණු දරුවන් 6 දෙනෙකු අපයෝජනය කළ නාඔටුන්නේ විජිත හිමිට වසර 13ක සිරදඬුවමක්
BYD, කුඩා පරිමාණ වාහන වෙළෙඳපොළට පිවිසෙමින් RACCO ජපන් වාහන වෙළෙඳපොලට හඳුන්වා දෙයි
රාජපක්ෂවරු ඇතුළු හිටපු ප්රබලයින් 50කගේ නඩු ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට