දෙහිවල ප්‍රදේශයේ දී අත්බෝම්බ ප්‍රහාරයකින් දරුවන් දෙදෙනෙකු ඝාතනයට ලක්වීමේ සිද්ධිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ද අවධානය යොමුව තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක මාක් ඇන්ඩ්‍රේ මහතා පවසන්නේ දරු දෙදෙනෙකුට මරු කැඳවූ එම සිදුවීම තමා දැඩි කම්පනයට ලක් කළ බවය.
මෙවැනි ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට සම්බන්ධ පාර්ශව ඊට පිළිතුරු ලබාදිය යුතු බව සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර තිබුණි.
දෙහිවල, සිරිසඟබෝ මාවතේ පිහිටි නිවසකට ඊයේ (11) අලුයම නාඳුනන පිරිසක් විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාරයකින් එම නිවසේ සිටි ළමුන් දෙදෙනෙකු මියගොස් ඔවුන්ගේ පියා බරපතළ තුවාල ලබා කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කෙරිණි.
ප්‍රහාරය එල්ල කිරීමට සැකකරුවන් පැමිණි බවට සැකකෙරෙන ත්‍රිරෝද රථය ඊයේ පාදුක්ක, පහළ බෝපේ ප්‍රදේශයේ අත්හැර දමා ගොස් තිබියදී සොයාගත් නමුත් සැකකරුවන් පිළිබද මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.
මේ අතර මෙම බෝම්බ ප්‍රහාරය ඉලක්කය වැරදී එල්ල වූවක් බවට ද පොලිසිය සැක මතුව ඇත.
ප්‍රහාරයට ලක්ව තුවාල ලබා කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන, මියගිය දරුවන් දෙදෙනාගේ පියාගේ සහෝදරයාගේ නිවස ඉලක්ක කරගනිමින් එම බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට අපරාධකරුවන් පැමිණ ඇති බවටත් නිවස මාරුවීමෙන් මෙම ඛේදනීය සිදුවීම සිදුව ඇති බවටත් පොලිසිය සැක පළ කරයි.
සිද්ධියෙන් මියගිය දරුවන් දෙදෙනාගේ මළ සිරුරු අද (12) පස්වරුවේ ඔවුන්ගේ ඥාති නිවෙසක් වෙත රැගෙන ආ බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනයකට සැරසෙයි
ශිරාන් බාසික්ගේ පියා රිමාන්ඩ්
මුවන්, මස්කර විකිණූ ගුවන් හමුදාවේ 5ක් අත්අඩංගුවට
කැලණි ගඟේ අභිරහස් මළ සිරුරක්
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි
1950 වසරෙන් පසු මෙරටට බලපැවැත්වෙන ප්‍රබලම එල් නිනෝවක් මෙවර! නවතම පුරෝකථනය මෙන්න!
ගුරුසේවයේ කාර්යක්ෂමතා කඩඉම් සඳහා සහනයක්
අද පස්වරුවේ වැසි වැටෙන ප්‍රදේශ
බිලිඳුන් සහ තරුණයන් ගැන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් බය හිතෙන හෙළිදරව්වක්
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයට නව ලේකම්වරියක්
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකත්වය වෙනස් වන ලකුණු
අම්පිටියේ සුමනරතන හිමිට ඇප