සෞදි අරාබියේ දී මරණ දඬුවම නියම වී සිටි අනෝජන් සිවරාසා වෙත පනවා තිබූ මරණ දඬුවම ඉවත් කිරීමට එරට ශ්රේෂ්ඨාධිකරණය ගත් තීරණය ඉතා අගය කොට සලකන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
සෞදි ශ්රේෂ්ඨාධිකරණය විසින් ගත් මෙම තීරණය අගය කරමින් ජනාධිපතිවරයා සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කළා.
අනුර කුමාර දිසානායක මහතා එහි දක්වා තිබුණේ මෙම තීරණය අනෝජන්ට, ඔහුගේ පවුලේ ඥාතීන්ට මෙන්ම මේ පිළිබඳ උනන්දුවෙන් පසුවූ සමස්ත ශ්රී ලාංකිකයන්ටම විශාල අස්වැසිල්ලක් සහ සහනයක් වන බවයි.
මෙම යහපත් ප්රතිඵලය ලබාගැනීමට හැකිවූයේ මිත්රශීලී රාජ්යයක නීතිමය ක්රියාවලියට ගරුකරමින් සිදුකළ ඉවසිලිවන්ත රාජ්ය තාන්ත්රික මැදිහත්වීම් සහ විදේශගත ශ්රී ලාංකිකයෙකු වෙනුවෙන් නොකඩවා පෙනී සිටි සියලු පාර්ශ්වයන්ගේ නොපසුබස්නා උත්සාහය නිසා බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.
මේ වෙනුවෙන් සහයෝගය දැක්වූ සෞදි අරාබි රජයට විශේෂ ස්තූතිය පිරිනමන අතර, මෙම නීතිමය ක්රියාවලිය සඳහා කැපවීමෙන් කටයුතු කළ දෙරටේම රාජ්ය තාන්ත්රිකයන්, රාජ්ය නිලධාරීන් මෙන්ම නීති කණ්ඩායම් වෙතද ශ්රී ලංකා රජයේ ප්රණාමය හිමිවන බව ඔහු සිය සටහනේ වැඩිදුරටත් සඳහන් කර තිබුණා.
ජනාධිපතිවරයා අවධාරණය කළේ අනෝජන්ට එරෙහිව පවතින ඉතිරි නීතිමය ක්රියාපටිපාටීන් සම්පූර්ණ වන තෙක් ඔහුට සහ ඔහුගේ පවුලේ අයට අවශ්ය සියලු සහයෝගය ඉදිරියටද ලබාදීමට රජය සූදානමින් සිටින බවයි.
වඩා හොඳ ජීවනෝපායක් සොයා විදේශගත වන කිසිදු ශ්රී ලාංකිකයෙකුට තමන් තනිවී ඇතැයි යන හැඟීමක් ඇති නොවිය යුතු බවද අදාළ සටහනේ වැඩිදුරටත් දක්වා තිබුණා.

රජරට විශ්වවිද්යාලයේ සිසුන් 316කට හෙට නොමිලේ ඇස් කණ්ණාඩි
ගෝඨා විදෙස්ගතවීමට අවසර ඉල්ලයි
කාන්තා තුන්කොන් ක්රිකට් සටනේ ජයග්රහණය ශ්රී ලංකාවට
කෝටි 8කට අධික මුදල් හා දේපළ ක්රියාවිරහිත කරයි
ශිරන්ති රාජපක්ෂට බයිපාස් සැත්කමක් අවශ්ය බවට වෛද්ය වාර්තාවක්
ගාලුමුවදොර අසල මාර්ගයේ සවිකර තිබූ තාවකාලික අට්ටාල ඉවත් කරගනී
කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය දින නියමයක් නොමැතිව කල්යයි
සත්ව ලෝලීන් කම්පාවට පත් කරමින් අසාධ්ය තත්ත්වයෙන් කුඹුරක ඇද වැටී සිටින ‘කාවන්තිස්ස’
නාමල් රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්
නාමල් රාජපක්ෂ අධිකරණයට
අද කාලගුණ නිවේදනය
Facebook එකේ වාහන දැන්වීම් දාද්දි කල්පනාවෙන්! මේ ගැනත් දැනගන්න!