පාසල් පද්ධතියේ පවතින අඩුපාඩු සහ අධික ජීවන වියදමට එරෙහිව ප්රංශය පුරා සංවිධානය කර තිබූ දැවැන්ත විරෝධතා මාලාවක් අතරතුර ප්රචණ්ඩකාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.
විදෙස් මාධ්ය වාර්තා කළේ, ලක්ෂ 5 හමාරකට ආසන්න පිරිසක් වීදි බැස සිටි මෙම විරෝධතා අතරතුර සිදුවූ ප්රචණ්ඩක්රියා සම්බන්ධයෙන් අවම වශයෙන් පුද්ගලයින් 1,200 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ප්රංශ රජය තහවුරු කර ඇති බවයි.
අගනුවර වන පැරිස් නුවර ඇතුළු ප්රධාන නගර රැසක රාත්රී කාලය වන තෙක්ම කැරලි මර්දන පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ප්රබල ගැටුම් පැවැති අතර, සෙනඟ විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්රහාර එල්ල කර තිබෙනවා.
ප්රචණ්ඩකාරී කණ්ඩායම් විසින් ගොඩනැගිලි, වෙළඳසැල් සහ වාහන ගිනි තබා විනාශ කර ඇති අතර, ලිමෝජස් (Limoges) නගරයේ නගර සභා ගොඩනැගිල්ලට එල්ල වූ ගිනි තැබීමෙන් එහි වහලයේ කොටසක් කඩා වැටී ඇති අතර, ලිල් (Lille) නගරයේ ඇපල් (Apple) වෙළඳසැලක් ඇතුළු ස්ථාන රැසක් විරෝධතාකරුවන් විසින් කඩාපැන කොල්ල කා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
මෙහිදී, සිදුවූ නොසන්සුන්කාරී තත්ත්වයන්ගෙන් පොලිස් නිලධාරීන් 150 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව ප්රංශ අගමැති සෙබස්තියන් ලෙකොර්නු (Sébastien Lecou) ප්රකාශ කර තිබෙනවා.
ප්රංශයේ අවුරුදු 15-18 අතර සිසුන් අධ්යාපනය ලබන ‘ලයිසි’ (lycées) ද්විතියික පාසල්වල පවතින ගුරු හිඟය සහ ගොඩනැගිලි අලුත්වැඩියා නොකිරීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් ආරම්භ වූ මෙම සිසු විරෝධතාවලට, වෘත්තීය සමිති සහ 2018 වසරේදී ජීවන වියදමට එරෙහිව සටන් කළ ‘කහ කබා’ (Gilets Jaunes) ව්යාපාරයේ සාමාජිකයින්ද පසුව එක්ව ඇති බවයි වාර්තා වන්නේ.
එළඹෙන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හමුවේ රට තුළ දේශපාලන නොසන්සුන්තාවයක් නිර්මාණය වී ඇති පසුබිමක මෙම විරෝධතා පැනනැගී ඇති අතර, සිදුවූ ප්රචණ්ඩක්රියා සහ පොදු දේපළ විනාශ කිරීම් සම්බන්ධයෙන් දැඩි ලෙස නීතිය ක්රියාත්මක කරන බව ප්රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් පවසා තිබෙනවා.
මූලාශ්රය – බීබීසී

ශ්රීලන්කන් ගුවන් සමාගමෙන් විශේෂ දැනුම්දීමක්
නව රියදුරු බලපත්ර දඬුවම් ලකුණු ක්රමයේ නියමු ව්යාපෘතියක් ඇරඹේ
ජනප්රිය බොලිවුඩ් නළු ටයිගර් රොෆ් ඉලක්ක කර වෙඩි ප්රහාරයක්
එල්ල වන චෝදනාවන්ට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂණ රාජකරුණාගෙන් නිවේදනයක්
අතිපූජ්ය කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියන්ගේ ආදාහන පූජ්යෝත්සවය පිළිබඳව දැනුම්දීමක්
කාවන්තිස්සට වෙඩි තැබූ සැකකාර වෙඩික්කරු අත්අඩංගුවට
ශිරන්ති රාජපක්ෂව පෞද්ගලික රෝහලකට මාරු කෙරේ
තත්ත්පර 30කින් මුළු රටම අඳුරට වැටීමට හේතුවූ හදිසි බිඳවැටීම ගැන විමර්ශනයක්
රෝහල් ගත කළ කස්සප හිමි යළි සත්යග්රහයට
අග්බෝ ඇතා සෙවීම සඳහා විශේෂ මෙහෙයුමක්
පාසල් පද්ධතියේ බරපතළ ගුරු හිඟයක් – ලංකා ගුරු සංගමය