මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ විසින් සිරගත වී දින 50ක් ගතවීම පිළිබඳව ලිපියක් නිකුත් කර තිබේ.
අදාළ ලිපිය පහතින් දැක්වෙයි,
සිරගෙදර බිත්තිවලින් තමන්ව වටකර තිබුණද, ඊට මෙපිටින් විශාල ජනතා පවුරක් ඇති බව තමන් දන්නා බවත්, තමන්ව සිරගත කිරීමට දැරූ උත්සාහය යම් පිරිසකගේ පීඩනය හඳුනාගත හැකි හොඳම නිදසුනක් බවත් ඔහු පවසනවා.
එමෙන්ම, මේ රටේ මහින්ද රාජපක්ෂගේ ලොකු පුතා වීමද තමන්ව සිරගත කිරීමට හේතු වූවාදැයි තමන්ට සිතෙන බවද ඔහු සඳහන් කරනවා.
දේශපාලන පහරදීම්, රටේ ආගමික හා සංස්කෘතික අනන්යතාවන්ට සිදුවන හානි සහ වර්තමාන ආර්ථික තත්ත්වය පිළිබඳව ද එම ලිපිය මගින් පෙන්වා දෙන ඔහු, ආයෝජන අහිමි වී ජනතාව දැඩි අපහසුතාවකට පත්ව සිටින මෙවැනි අවස්ථාවක රටේ ප්රශ්නවල බර එක පවුලක් පිටුපස සැඟවීමට උත්සාහ කිරීම හාස්යජනක බවත්, එය වත්මන් පාලකයින්ගේ නොහැකියාව පෙන්නුම් කරන්නක් බවත් සඳහන් කර තිබෙනවා.
ඉදිරි දිනයකදී අධිකරණයෙන් තමන් නිදොස් කොට නිදහස් වන බවට දැඩි විශ්වාසයක් පවතින බව පවසන ඔහු, පුද්ගලයින් සිරගත කළ හැකි වුවද ජනතා අභිලාෂයන් සිරගත කළ නොහැකි බව වැඩිදුරටත් අවධාරණය කර සිටිනවා.

දිවයින පුරා ඩෙංගු අධිඅවදානම් කලාප 28ක්
කොත්මලේ වාන් දොරටු විවෘත කිරීම ගැන පූර්ව දැනුම්දීමක්
කෙහෙළියට විදෙස් ගමන් තහනමක්
ගැඹුරු පීඩන අවපාතය ‘ඔර්නබ්’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි! කාලගුණයෙන් විශේෂ නිවේදනයක්!
ඔර්නබ් බලපෑමෙන් දිස්ත්රික්ක කිහිපයකට දැඩි වර්ෂාපතනයක්
කොග්ගලදී දුම්රියේ ගැටුණු බස් රථයේ ප්රවාහන බලපත්රය වහාම ක්රියාත්මක වන පරිදි අවලංගු කෙරේ
කළු ගඟ ආශ්රිතව ගංවතුර අනතුරු ඇඟවීම්
තරු පහේ හෝටලයට එරෙහිව නඩු පැවරවීමට සැරසෙන බලංගොඩ කස්සප හිමි
අයවැය විවාදය පැවැත්වෙන කාලය තුළ මැති, ඇමතිවරු ඇතුළු රජයේ නිළධාරීන් පිරිසකට විදේශ සංචාර තහනමක්
අද කුඩයක් නැතිව එළියට යන්න එපා
බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි! කාලගුණයෙන් රතු නිවේදනයක්!
ලංකා IOC ඔක්ටේන් 95 පෙට්රල් මිල ඉහළ දමයි