බිනර පොහොය යෙදී තිබූ පෙරේදා(10) ගංජා වැටලීමකට ගිය පුත්තලම කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිළධාරීන් පිරිසකට ආණමඩුව කොට්ටුකච්චිය පුරාණගම ප්‍රදේශයේදී පිරිසක් පහරදීමෙන් එහි ස්ථානාධිපතිවරයා ඇතුළු නිළධාරීන් සිවු දෙනෙකු බරපතල තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය කියයි.
මෙසේ ප්‍රහාරයට ලක්වී ඇත්තේ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක එල්.පී.එස්.පී. පතිරණ, පොලිස් සැරයන් (35007) සේනාරත්න, පොලිස් කොස්තාපල් වරුන් වන (78216) කුමාර හා (82233) සුභසිංහ යන නිලධාරීන් බව ආණමඩුව පොලීසිය සඳහන් කරයි.
විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් පුත්තලමේ සිට කොට්ටුකච්චිය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමක් වැටලීමකට ගොස් සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන යතුරු පැදි වලින් රැගෙන යමින් සිටියදී, මහ මග බීමතින් රැඳී සිටි තරුණයන් පිරිසක් සිවිල් ඇඳුමින් සිටි පොලිස් නිලධාරීන් සමඟ බහින් බස්වීමක් ඇතිව තිබූ බව පොලීසිය කියයි.
ඉන් පසුව සැකකාර තරුණයන් පිරිස සිවිල් ඇඳුමින් සිටි විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන්ට යකඩ පොලු හා ලී මුගුරු වලින් අමානුෂික ලෙස පහර දී ඇති බව පොලිසිය සඳහන් කරයි.
අදාල පහර දීම සම්බන්ධ සැකකරුවන් හඳුනා ගෙන ඇති බවත් ඔවුන් මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත් පොලිසිය කියයි.
ප්‍රහාරයට ලක්වූ පොලිස් නිලධාරින් 1990 හදිසි ගිලන් රථ සේවාව මගින් පුත්තලම මූලික රෝහල වෙත රැගෙන යාමට කටයුතු කර ඇත.
පුත්තලම රෝහල් බලධාරියකු සඳහන් කළේ පහර කෑමට ලක් වූ පොලිස් නිලධාරීන්ට මූලික ප්‍රතිකාර ලබා දීමෙන් පසුව, නේවාසික ප්‍රතිකාර සදහා වාට්ටු වලට යොමු කළ බවයි. සිද්ධිය සැලවීමත් සමග පුත්තලම නියෝජ්‍ය පොලිස්පති එස්.එම්.වයි. සෙනවිරත්න මහතාද එම ස්ථානයට ගොස් ඇති අතර වහාම ඔහු රෝහලටද ගොස් තුවාල කරුවන්ගේ සුවදුක් විමසීය.
පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් හේමසිරි මහතාගේ අධික්ෂණය යටතේ, පුත්තලම හා ආණමඩුව සහකාර පොලිස් අධිකාරිවරුන් වන ඕ.බී. අමරබන්දු, එච්. එම්.පී.එස්. හේරත් යන මහත්වරුන්ගේ මෙහෙය වීමෙන් ආණමඩුව පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජගත් කුමාර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වති.
මේ අතර ආණමඩුව කොට්ටුකච්චිය ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ට පහරදීම් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනෙකු ලබන 19 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ආණමඩුව මහේස්ත්‍රාත් නිමේෂිකා පට බැඳිගේ මහත්මිය ඊයේ (11) නියෝග කළාය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ කොට්ටුකච්චිය පුරාණගම පදිංචි අවුරුදු 28 හා 43 සැකකරුවන් දෙදෙනෙකි.
source – (ප්‍රියංකර ජයරත්න / එම්.චන්දන – ලංකාදීප)

මිලියන 12කට TIN අංකය නිකුත් කරලා
ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමට අයදුම්පත් කැඳවයි
බදු ගෙවනවාද? නැද්ද? අධිකරණයෙන් මෙන්ඩිස් සමාගමට දුන් නියෝගය
වෙනිසියුලාවේ භූකම්පනයෙන් මියගිය ගණන 500 ඉක්මවා යයි
රංගන ශිල්පී සමන් අල්මේදා අභාවප්‍රාප්ත වෙයි
භෞත චිකිත්සකවරියගේ මරණයට ඇල්ලූ පොලිස් ලොක්කා ගැන සැකකාර පෙම්වතා වමාරයි
දකුණු කොරියානු හිටපු ජනාධිපතිගේ බිරිඳට වසර 07ක සිරදඬුවමක්
ඉන්ධන මිල අඩුවන දිනය
චරිත් අබේසිංහගේ සියලු තනතුරු අත්හිටුවයි
2026 උසස් පෙළ විභාගයේ කාලසටහන සංශෝධනය කරයි
විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් කතානායකට ලිපියක්
චරිත් අබේසිංහව ‘බහුජන බලය’ සංවිධානයෙන් නෙරපයි