Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

2024 අලුත් අවුරුදු ලග්න පලාපල – කටක ලග්නය

2026 වසරේ ලග්න පලාපල – කටක ලග්නය

4 months ago

එළැඹෙන 2026 වසර ඔබට කොහොම වෙයිද? ලග්න අනුව පලාපල විස්තරය සිළුමිණ පුවත්පත මගින් පළ කර තිබුනේ මෙසේය.

කටක – අර­මුණු සපල වන වස­රකි

ගෘහ ජීවි­තය – 6 වැන්නේ චතු­ර් ග්‍රහ යෝගය නිසා ඔබගේ වැඩ කට­යුතු කර­ගෙන යද්දී එන බාධක මඟ හර­වයි.

රාහු 8 වැන්නේ ගෝචර වී සිටීම නිසා කල­බල ගති අඩු­කර ඉව­සීම පවත්වා ගැනී­මට හැකි නම් ඔබ බුද්ධි­ම­තෙකි. වසරේ මැද භාග­යෙන් පසුව ගුරු ලග්න­යට පැමි­ණීම ඔබගේ වාස­නාව උදා කරයි. සෞභා­ග්‍ය­මත් ජීවි­ත­යක් උදෙසා ඔබගේ වැඩ­පි­ළි­වෙළ ගොඩ­නැ­ඟෙයි.

රැකි­යාව – සෙන­සුරු භාග්‍ය­ස්ථා­නය මෙන්ම පුණ්‍ය­ස්ථා­නයේ ගෝච­රව ඇත. සෞඛ්‍ය ක්ෂේත්‍ර­වල, පිරි­වෙ­න්වල, සුබ සාධක ආය­ත­න­වල මෙන්ම පාස­ල්ව­ලද රැකියා ලැබීමේ ප්‍රව­ණ­තාව වැඩිය. වර්ෂය ආර­ම්භ­යේම සඳු ග්‍රහයා අය­ස්ථා­නයේ ගෝචර වීමෙන් මවු පාර්ශ්වයේ උදව් උප­කාර ද ලැබේ.

අධ්‍යා­ප­නය – විද්‍යා­ස්ථාන අධි­පති 6 වැන්නේ ගුරුගේ රාශි­යක වීම මෙන්ම වසර ආර­ම්භ­යේ­දීම අය­ස්ථා­නයේ සිටින සඳුගේ දෘෂ්ටිය ලැබීම දරු­වන්ගේ ඉගෙ­නුම සාර්ථක කර­ගැ­නී­මට පිටි­ව­හ­ලකි. විද්‍යා, ගණිත අංශ­ව­ලට කටක ලග්න දරු­වන් වැඩි­පුර යොමුවේ. ධර්ම කරුණු පිළි­බඳ පොත­පත කිය­වී­මට තරුණ වයසේ දරු­වන් ද උනන්දු වේ.

නිව­සෙහි තුන්වරු පිරි­තක් කියා ස්වාමීන් වහ­න්සේට හීල් දානය පිළි­ගැ­න්වී­මත්, අට­පි­රි­ක­රක් පූජා කිරී­මත්, උපා­සක අයට සිල් රෙදි පූජා කිරී­මත්, පත්තිනි දේවි­යට පුද පූජා පැවැ­ත්වී­මත්, පින් දීමත් අපල අඩු කිරී­මට හේතු වේ.

(ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ශ්‍රියා ගනේගොඩ – සිළුමිණ)

මේෂ ලග්නය

වෘෂභ ලග්නය

මිථුන ලග්නය

කටක ලග්නය

සිංහ ලග්නය

කන්‍යා ලග්නය

තුලා ලග්නය

වෘශ්චික ලග්නය

ධනු ලග්නය

මකර ලග්නය

කුම්භ ලග්නය

මීන ලග්නය

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *