එළැඹෙන 2026 වසර ඔබට කොහොම වෙයිද? ලග්න අනුව පලාපල විස්තරය සිළුමිණ පුවත්පත මගින් පළ කර තිබුනේ මෙසේය.
කන්‍යා – ගෘහ ජීවිතයේ දියුණුව
ගෘහ ජීවිතය – 2026 වර්ෂයට අවතීර්ණ වනවිට ඔබගේ කේන්දරයේ සිව්වැන්න තුළ චතුර් ග්රයෝගයක් නිර්මාණය වී තිබීම මවට වඩාත් සමීප වන ගේදොර, ඉඩකඩම්, යාන වාහන හිමි වන සෞභාග්‍යමත් වසරක් බවට ඉඟියක් දෙයි. ඔබ විදෙස්ගතව සිටීනම් කරන කියන කටයුතු සාර්ථක වේ.
රැකියාව – රාජ්‍ය අංශවල රැකී රක්ෂා ලැබීමේ ප්‍රවණතාව වැඩිය. ලිපි ලේඛන සම්බන්ධ සහ ගෞරවනීය තනතුරු ලාභ ඇත. ව්‍යාපාර අංශ ද දියුණු වේ. මහන්සි වී වැඩ කරන්නට සිදුවේ. විදෙස් ධනය ලබන්නට ද ඒ හා සම්බන්ධ තාක්ෂණය මෙහෙයවා කටයුතු කරන්නට ද ඉඩකඩ සැලසේ.
අධ්‍යාපනය – ලග්නාධිපති බුධ යෝගකාරක සිකුරු සමඟ සිව්වෙනි භාවයේ වික්‍රමස්ථාන අධිපති සමඟ ගෝචර වීමත් 5 අධිපති ශනි 7 වැන්නේ වීමත් අනුව අධ්‍යාපනය සාර්ථක කරයි. තාක්ෂණය වැනි විෂයන්ට වැඩියෙන් කැමැත්තක් දක්වනු ඇත.
ඒරාෂ්ටක අපල ප්‍රධාන වශයෙන් නොමැති වුවත් දශානුගත අපල හෝ තිබෙන්නට පුළුවන. ඔබ කුඩා දරුවනට පාසල් උපකරණ වැනි දේ ලබාදීමත් ඔවුන්ට දැනුම බුද්ධිය ලබාදීමත් බදාදා දිනයේ බෝධි පූජා තැබීමත් තුළින් අපල අවම කරගැනීමට හැකියාව ඇත.
(ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ශ්‍රියා ගනේගොඩ – සිළුමිණ)

2026 වසරේ ලග්න පලාපල – වෘශ්චික ලග්නය
2026 වසරේ ලග්න පලාපල – මීන ලග්නය
2026 වසරේ ලග්න පලාපල – කුම්භ ලග්නය
2026 වසරේ ලග්න පලාපල – මකර ලග්නය
2026 වසරේ ලග්න පලාපල – ධනු ලග්නය
2026 වසරේ ලග්න පලාපල – තුලා ලග්නය
2026 වසරේ ලග්න පලාපල – සිංහ ලග්නය
2026 වසරේ ලග්න පලාපල – කටක ලග්නය
2026 වසරේ ලග්න පලාපල – මිථුන ලග්නය
2026 වසරේ ලග්න පලාපල – වෘෂභ ලග්නය
2026 වසරේ ලග්න පලාපල – මේෂ ලග්නය