එළැඹෙන 2026 වසර ඔබට කොහොම වෙයිද? ලග්න අනුව පලාපල විස්තරය සිළුමිණ පුවත්පත මගින් පළ කර තිබුනේ මෙසේය.
කුම්භ – ලැබීම් සහිත වසරකි
ගෘහ ජීවිතය – පළමුවම කිව යුත්තේ ඔබට මෙම වසර ඉතා යහපත් බවය. ලැබීම් අතින් ද භාග්‍යවන්ත වේ. තවම ඒරාෂ්ටක තත්ත්වය පවතින බැවින් අසනීප අපල උපද්‍රව ද පෙන්වයි. රාහු ලග්නගතව සිටීම නිසා රැවටිලි ආදියට හසු නොවීමට බුද්ධිමත් වන්න. ගනුදෙනුවලදී ද ප්‍රවේශම් වන්න.
රැකියාව – රැකියා ස්ථානය වූ 10 අධිපති 11 වැන්නේ චතුර් ග්‍රහ යෝගයක් නිර්මාණය කර ඇත. ලැබීම් සහිත ලාභදායී වෘත්තිමය කටයුත්තක නියැළෙයි. එක රැකියාවක් නොව රැකියා කීපයකින් ආදායම් ලබන්නට ඔබට හැකි වන වසරක් බැවින් උනන්දුවෙන් කටයුතු කරන්න.
අධ්‍යාපනය – මෙතෙක් අධ්‍යාපනයට බාධක තිබුණේ නම් ඉවත් වී සුබපල ළඟා කර දෙයි. 5 වැන්න ගුරුට හොඳ තැනක් බැවින් විද්‍යාස්ථානවලින් පවා දක්ෂ දරුවන් බිහිවේ. විභාග ජයග්‍රහණය පිණිස ගුරුවරුන් කැපවීම් කරයි. අමතකවීම් සිදුවිය හැකි බැවින් ඒවාට සෙත් ශාන්ති කිරීමෙන් අපල අඩු කර ගන්න.
සෙනසුරාදා දිනවල බෝධි පූජා හැකි පමණ තබන්න. බලු කපුටු දාන අසරණ අයට රෝගීන්ට සත්කාර කරන්න. ධර්මය පිළිපදින්න; අසන්න. සමාජයේ පොදුවැඩවලට සහභාගී වන්න. ඔබගේ අපල අවම වනු ඇත. රතන සූත්‍රය කියන්න, අසන්න.
(ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ශ්‍රියා ගනේගොඩ – සිළුමිණ)

2026 වසරේ ලග්න පලාපල – වෘශ්චික ලග්නය
2026 වසරේ ලග්න පලාපල – මීන ලග්නය
2026 වසරේ ලග්න පලාපල – මකර ලග්නය
2026 වසරේ ලග්න පලාපල – ධනු ලග්නය
2026 වසරේ ලග්න පලාපල – තුලා ලග්නය
2026 වසරේ ලග්න පලාපල – කන්‍යා ලග්නය
2026 වසරේ ලග්න පලාපල – සිංහ ලග්නය
2026 වසරේ ලග්න පලාපල – කටක ලග්නය
2026 වසරේ ලග්න පලාපල – මිථුන ලග්නය
2026 වසරේ ලග්න පලාපල – වෘෂභ ලග්නය
2026 වසරේ ලග්න පලාපල – මේෂ ලග්නය