යෝෂිත රාජපක්ෂ මහතා සහ ඩේසි ෆොරස්ට් මහත්මියට එරෙහිව පවතින මුදල් විශුද්ධිකරණය පිළිබඳ : මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති නඩුව ලබන ජූනි මස 10 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (24) නියම කළේය.
කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා ඉදිරියේ අද මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී, රජයේ නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ මෙම චෝදනාවලටම සමගාමී තවත් නඩුවක් අංක 08 මහාධිකරණය හමුවේ විභාග වන බවයි. එම නඩුව සඳහා සංශෝධිත අධි චෝදනා පත්‍රයක් ගොනු කිරීමට නියමිතව ඇති බැවින්, මෙම නඩුව සඳහා ද සංශෝධිත අධි චෝදනා පත්‍රයක් ගොනු කිරීමට සිදුවන බව ඔහු පෙන්වා දුන්නේය.
ඒ අනුව, එම කටයුතුවල ප්‍රගතිය දැනුම් දීම සඳහා විනිසුරුවරයා විසින් නව දිනයක් ලබා දෙන ලදී.
2009 මාර්තු 31 සහ 2013 දෙසැම්බර් 12 අතර කාලසීමාව තුළ උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි රුපියල් මිලියන 59 කට අධික මුදලක් පෞද්ගලික බැංකු තුනක ස්ථාවර තැන්පතු ගිණුම්වල තැන්පත් කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් කළ බවට නීතිපතිවරයා විත්තිකරුවන්ට චෝදනා එල්ල කර තිබේ. විත්තිකරුවන්ට එරෙහිව අධි චෝදනා තුනක් යටතේ මෙම නඩුව ගොනු කර ඇත.

පාප් වහන්සේ කළ ඉල්ලීම
“විශ්වාසභංගය ගේනකන් මන් තාම බලන් ඉන්නවා” – අගමැතිනි හරිනි අමරසූරිය
ප්‍රබල අකුණු සහිත වැසි ගැන කාලගුණයෙන් නිවේදනයක්
ජෝන්ස්ටන්ට ඇප
හිටපු ජනපති රනිල්ගේ නිවසට CIDයෙන් පැමිණෙයි
දන්සැල් සඳහා සෞඛ්‍ය අංශ වෙතින් මාර්ගෝපදේශ මාලාවක්
ඉදිරි දිනවල කාලගුණය සම්බන්ධයෙන් නිවේදනයක්
බොරතෙල් මිල යළි ඉහළට
මෙන්ඩිස් සමාගම ඉල්ලූ සහනය අධිකරණය ඉවත දමයි
සාගරිකා වාද්දූවේදී පීලි පනී
එවරස්ට් කඳු පන්තියේ ‘කලපතාර්’ තරණය කළ ශ්‍රී ලාංකික පිය පුතු දෙපළ දිවයිනට
අද කාලගුණ නිවේදනය