Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඉදිරි දිනවල කාලගුණය සම්බන්ධයෙන් නිවේදනයක්

5 hours ago

දිවයිනේ පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වයට තාවකාලික විරාමයක් එක් කරමින් ඉදිරි දිනවලදී වැසි සහිත කාලගුණයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කළේ, ඉදිරි දිනවලදී දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75ක පමණ සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

වැසි සහිත කාලගුණයක් පිළිබඳ බලාපොරොත්තු පළ වුවද, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් අධික වියළි කාලගුණයක් පවතින බව වාර්තා වේ. මේ හේතුවෙන් ජල විදුලි උත්පාදනයට සුවිශේෂී දායකත්වයක් සපයන කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම් ශීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවෝ පවසති.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *