විපක්ෂය විසින් තමන්ට එරෙහිව ගෙන එන බව කියන විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන තෙක් තමන් බලා සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.
අද (24) නුවර දළඳා මාලිගාව අසලින් ආරම්භ කළ සාම පාගමනේ සමාරම්භයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව සඳහන් කළා.
එවැනි අවස්ථාවකදී කරුණු සහිතව පිළිතුරු ලබා දීමට තමන්ට අවස්ථාව ලැබෙන බව පෙන්වා දුන් ඇය, කරුණු නොමැති වූ විට අසත්‍ය ප්‍රකාශ කරමින් ජනතා අවධානය දිනා ගැනීමට විපක්ෂය දරන උත්සාහය ජනතාව තේරුම් ගනු ඇති බව ද ඇය පැවසුවා.
දේශපාලන තත්ත්වයන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ පද්ධති හැක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ අමාත්‍යාංශය නිසි පැහැදිලි කිරීමක් සිදුකර ඇති අතර, ඒ පිළිබඳ විමර්ශන සඳහා ඕස්ට්‍රේලියානු රජයේ පූර්ණ සහාය හිමිවන බවයි.
ආණ්ඩුව විසින් ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත්, වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා.
රටේ ජනතාව සහ දේශපාලන ක්‍රමය මේ වන විට විශාල වෙනසකට ලක්ව ඇති බව විපක්ෂය තවමත් තේරුම් ගෙන නොමැති බවත්, කෙසේ හෝ බලය ලබා ගැනීමට උත්සාහ කරනවා වෙනුවට විපක්ෂයේ සැබෑ කාර්යභාරය ඉටු කරන්නේ නම් එ සියලුදෙනාට යහපත් වනු ඇති බව ද ඇය පැවසුවා.
අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ රටේ ලෝක සාමය සහ ස්ථාවරත්වය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ දායකත්වය ලබාදීමට හැකිවීම වාසනාවක් බවත්, සාම පා ගමනක් මෙරට පැවැත්වීම රටට විශාල ආශීර්වාදයක් බවයි.

පාප් වහන්සේ කළ ඉල්ලීම
ප්‍රබල අකුණු සහිත වැසි ගැන කාලගුණයෙන් නිවේදනයක්
ජෝන්ස්ටන්ට ඇප
හිටපු ජනපති රනිල්ගේ නිවසට CIDයෙන් පැමිණෙයි
දන්සැල් සඳහා සෞඛ්‍ය අංශ වෙතින් මාර්ගෝපදේශ මාලාවක්
ඉදිරි දිනවල කාලගුණය සම්බන්ධයෙන් නිවේදනයක්
බොරතෙල් මිල යළි ඉහළට
යෝෂිතගේ නඩුව කල්යයි
මෙන්ඩිස් සමාගම ඉල්ලූ සහනය අධිකරණය ඉවත දමයි
සාගරිකා වාද්දූවේදී පීලි පනී
එවරස්ට් කඳු පන්තියේ ‘කලපතාර්’ තරණය කළ ශ්‍රී ලාංකික පිය පුතු දෙපළ දිවයිනට
අද කාලගුණ නිවේදනය