Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පියුමි හංසමාලිට අධිකරණයෙන් ලැබුණු අවසරය

19 hours ago

නීති විරෝධී වත්කම් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නිරූපණ ශිල්පිනියක වන පියුමි හංසමාලි විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබූ රිට් පෙත්සම පසුගිය 24 වැනිදා ඉල්ලා අස්කර ගෙන තිබෙනවා.

මායාදුන්නේ කොරයා සහ ලක්මාලී කරුණානායක යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ එම පෙත්සම පසුගියදා කැඳවනු ලැබුවා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ශනිල් කුලරත්න මහතා අධිකරණයට දැනුම් දී ඇත්තේ, පියුමි හංසමාලිගේ දේපළ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්කම් විමර්ශන අංශය මගින් තවදුරටත් විමර්ශන සිදුකරමින් පවතින බවයි.

එම විමර්ශන අවසන් කිරීම සඳහා තවත් කාලයක් අවශ්‍ය බවද අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ සඳහන් කර තිබෙනවා.

මේ අතර, පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා සඳහන් කර ඇත්තේ, මේ දක්වා තම සේවාදායිකාව අත්අඩංගුවට ගැනීමක් සිදුව නොමැති බවයි.

අනාගතයේදී අවශ්‍යතාවක් මතු වුවහොත් නැවත පෙත්සමක් ගොනු කිරීමේ අයිතිය රඳවා ගනිමින් වත්මන් පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට සූදානම් බවද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට පෙත්සම්කාර පාර්ශ්වයට අවසර ලබා දී තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *